Ads 468x60px

.

කටුපොත රැස්වීමට මහින්ද පරක්කු වුණ නිසා පොලිසිය ලවුඩ්ස්පීකර් ඕෆ් කරලා...


පසුගිය දෙවැනිදා කුරුණෑගල කටුපොත ප්‍රදේශයේ පැවති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගීවූ මැතිවරණ රැළියක ඔහුගේ කතාව පවත්වන අවස්ථාව වනවිට ශබ්ද විකාශන අවසර පත්‍රය කල් ඉකුත්වීම නිසා ඔහුට විකල්පයක් ලෙස තාවකාලික බෆල් එකක් යොදාගෙන කතාව පවත්වන්නට සිදුවූ බව වාර්තා වෙනවා.

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.


මෙම රැස්වීම සංවිධානය කළ අය කටුපොත පොලිසියෙන් රැස්වීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර වලට අවසර ලබාගෙන තිබුනේ පස්වරු 3 සිට 6 දක්වාය. නමුත් වෙනත් රැස්වීම් අවසන් කර මහින්ද රාජපක්ෂ

පැමිණෙන විට වේලාව පස්වරු 7.30 පමණ වී තීබී ඇත.  

මුල් පැය කිහිපය තුළ වෙනත් දේශපාලකයන් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කතා පැවැත්වුවද මහින්ද පැමිණි වේලාව වනවිට ශබ්ද විකාශන අවසරය ඉක්ම ගොසින් තිබුණ නිසා පොලිසිය ඒවා භාවිතයට අවසරදී නැත.

ඒ අනුව සංවිධායකයන් තීරණය කර ඇත්තේ ලවුඩ්ස්පීකර වෙනුවට කුඩා බෆල් එකක් සවිකර මහින්ද රාජපක්ෂට කතාව පවත්වන්නට ඉඩ සැලසීමයි. මහින්ද රාජපක්ෂ කෙටියෙන් කතාවක් පවත්වා එතැනින් නික්ම ගිය බවද වාර්තා වුණා.
 
Related Posts with Thumbnails