Ads 468x60px

.

මැතිරූ තැඹිලි වතුර දී තාත්තටයි දුවටයි මරු කැඳවු ආනමඩුවේ යකදුරා කියන කථාව


ශාන්තිකර්මයක දී මතුරා දුන් තැඹිලි වතුර පානය කිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ යකදුරා පිලිබඳ පුවතක් ආණමඩුව කොට්ටුකච්චිය ප‍්‍රදේශයේ දේවාලයකින් අප වෙත වාර්තා වෙනවා.

අප වෙත අදහස් දක්වමින් නාගරික හදිසි මරණ පරික්‍ෂක වසන්ත කුමාර ගීකනගේ මහතා කියා සිටියේ මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වැලැක්වීම සඳහා මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කළ යුතු බවයි. 


යකදුරෙකු විසින් ලබාදුන් මතුරන ලද තැඹිලි වතුර පානය කිරීමෙන් සීදුව බණ්ඩාරවත්ත රාජපක්‍ෂපුර ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා සහ
දියණිය ජිවිතක්‍ෂයට පත්වුණා.

පියාගේ වයස අවුරුදු 60ක්. දියණියගේ වයස අවුරුදු 39ක් වනවා. තම පවුලේ සාමාජිකයින්ට දිගින් දිගටම සිදුවන විවිධ පීඩාවන්ට සහනයක් ලබා ගැනීම සඳහා ඔවුන් ශාන්තිකර්මයකට සහභාගි වී තිබෙනවා.

ඒ, ආණමඩුව කොට්ටුකච්චිය ප‍්‍රදේශයේ දේවාලයකදියි. එහිදී යකදුරා විසින් ඔවුන්ට මතුරන ලද තැඹිලි වතුර පානය කිරීමට ලබාදී තිබෙනවා. එය පානය කිරීමෙන් පසු දැඩි ලෙස රෝගී වු 39 හැවිරිදි එම්.එන් තුෂාරි සංජීවනි ප‍්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුලත් කෙරුණා.

එහිදී ඇය මියගොස් තිබෙනවා. තැඹිලි වතුර පානය කිරීමෙන් දැඩි ලෙස රෝගී වු 60 හැවිරිදි එම්.එන් ලයනල් ප‍්‍රනාන්දු ඇතුලත් කෙරුණේ හලාවත රෝහලටයි.

ඔහු පෙරේදා (22) මියගියා. ඔවුන් දෙදෙනාගේම සිරුරුවල කොටස් රජයේ රස පරික්‍ෂකවරයා වෙත යැවීමට ද නියෝග කෙරුණා. මෙම ශාන්ති කර්මය සිදුකර ඇත්තේ කපිල කුමාර නමැති පුද්ගලයෙක්. මෙම සිද්ධිය  සම්බන්ධයෙන් අප ඔහුගෙන් ප‍්‍රශ්න කළා.

කෙසේවෙත් හලාවත නාගරික හදිසි මරණ පරික්‍ෂක වසන්ත කුමාර මහතා ප‍්‍රකාශ කළේ අදාළ පුද්ගලයා වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බවයි.
 
Related Posts with Thumbnails