Ads 468x60px

.

මිහිදන්කළ තරුණියක් දිනකට පසු මිනී පෙට්ටියෙන් නැගිට එයි - වීඩියෝ


හොන්ඩුරාස් රාජ්‍යයේ වයස අවුරුදු 16ක් පමණ වන ගැහැණු දරුවෙක් මියගොස් ඇති අතර පසුව ඇය මිහිදන් කර තිබෙනවා. එලෙස මිහිදන් කිරීමෙන් දිනකට පසු ඇය නැවත නැගිට ඇවිත් ඇති අතර ඒ සම්බන්ද යෙන් වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් ඇය මියගොස් ඇති බවට සිතා මිහිදන් කලත් ඇය වැළලූ ස්ථානයෙන් ගමන්කළ අයෙකුට ශබ්දයක්
ඇසී තිබෙනවා. මේ පිලිබඳව අවධානයෙන් සිටි ඔහු අනෙක් අයටද පවසා මිහිදන් කළ තරුණියගේ සිරුර නැවත ගොඩගෙන තිබෙනවා.

පෙට්ටියෙන් ඉවතට ගත් ඇයගේ සිරුර උණුසුම්ව තිබූ බවත් හෘදය ස්පන්දනය වූ බවත් එම අවස්ථාවේ සිද්ධිය දුටුවන් පවසා තිබෙනවා.

පසුව ඇයගේ ඥාතීන් විසින්  වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකොට ඇති අතර පසුව ඇය මියගොස් තිබෙනවා. ඒ වන විට ඇය මාස තුනක ගැබිණියක් බවටද තොරතුරු වාර්තා වනවා.

එහි වීඩියෝව පහතින්....

 
 
 
 
 
 
 
Related Posts with Thumbnails