Ads 468x60px

.

සජීවී රූපවාහිනී වැඩසටහනකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝව) - දෙදෙනෙක් මරුට


අමෙරිකාවේ සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් මාධ්‍යවේදිනියක් සහ කැමරා ශිල්පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි ප‍්‍රහාරය සිදුව ඇත්තේ වර්ජනියා ප‍්‍රාන්තය තුළයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩබ්ලිව්.ඞී.බී.ජේ. සෙවන් (WDBJ7) ටීවී ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙක්. ඔවුන් වෙළෙඳ
සැලක එළිමහනේ අදාළ වැඩසටහන වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් රූගත කරමින් සිටි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණපා තිබෙනවා. 

එහිදී කිසියම් පුද්ගලයෙකු වෙඩි තබා ඇති අතර, එම සිද්ධිය ද සජීවී ලෙස රූපවාහිනිය ඔස්සේ විකාශය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. වැඩසටහන වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවට එක්වූ කාන්තාව ද  ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.

 
 
Related Posts with Thumbnails