Ads 468x60px

.

මිනුවන්ගොඩ බස්-බස්-ඩිෆෙන්ඩර් අනතුරින් ජනපති ආරක්ෂකයින් 04ක් මරුට (පින්තුර)


අද උදෑසන මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් ජනපති ආරක්ෂක අංශයේ 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා. මේ අනතුර නිසා තවත් සිව්දෙනෙකු බරපතල තත්වයෙන් රෝහල් ගත කර ඇත.

අවමගුල් උත්සවයකට සහභාගීවීමේ අටියෙන් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයකින් ගමන් ගනිමින් සිටි ජනපති ආරක්ෂක අංශයේ පිරිස

වේගයෙන් ගමන් කර තිබුණ අතර මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් පසුකර (ඕවර් ටේක්) කර යන්නට උත්සාහ කර තිඛෙනවා.

එම අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තවත් පුද්ගලික බස් රථයක් පැමිණ ඇති අතර එම බස් රථය ආ වේගය නිසා නතර කරන්නට හෝ එකවරම වේගය අඩුකරගන්නට හැකියාව තිබී නැත.වැරදි පැත්තේ එන ඩිෆෙන්ඩර් රථය මගහැරීමේ අටියෙන් එම රථය දකුණට කපා ඇති අතර එම අවස්තා වේ බස් රථ දෙක එකිනෙක ගැටී ඩිෆෙන්ඩර් රථය ඒ දෙකට මැදිවී චප්පවී තිඛෙනවා.

අනතුර අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු එතැනම මරුමුවට පත්ව ඇත. තවත් දෙදෙනෙකු රෝහලට ගෙනගිය පසු මරණයට පත්ව ඇත. ජනපති ආරක්ෂක අංශයේ 4 දෙනෙකු ඇතුළුව අනතුරෙන් තුවාල ලැබූ පස් දෙනෙකු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි වාර්තා කළා.


අනතුරට පත් බස් රථ දෙකම පුද්ගලික බස් රථ වන අතර ඉන් එකක් කොළඹ සිට මිනුවන්ගොඩ දක්වා ධාවනය වී ඇති අතර අනෙක් බස් රථය මිනුවන්ගොඩ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබී ඇති බවද වාර්තා වුණා.







 
Related Posts with Thumbnails