Ads 468x60px

.

ප්‍රභාකරන් මැරුණ හැටි ෆොන්සේකා කියයි


ප්‍රභාකරන්ගේ හිසට පිස්තෝලයකින් වෙඩි තබා ගත්තා නම් පුංචි තුවාලයක් පමණක් තිබිය යුතු බවත් මෝටාර් හෝ කාලතුවක්කු ප්‍රහාරයක කැබැල්ලක් වැදී හිසට බරපතළ හානි සිදුවී ඇති බවට‍ ප්‍රභාකරන්ගේ මළසිරුර දකිද්දී පෙනී යන බවත් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ප්‍රභාකරන් හිසට වෙඩිතබාගෙන මියගියේ යැයි ප්‍රකාශ කරමින් එල්ටීටී සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් දෙමළ

ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම යුද්ධය ජයග්‍රහණය කිරීමට කරුණා අම්මාගෙන් කිසිදු සහායක් නොලැබුණු බවද ඒ මහතා සඳහන් කරනවා.

දුරකතනයක්වත් ළඟ තබා ගැනීමට ඔවුන්ට අවස්ථාව නොදුන් බව ද එහෙම තත්ත්වයක දී ප්‍රභාකරන්ගේ මරණය ගැන ඔහු නොදන්නා දේ කියමින් දෙමළ ජනතාවගේ අනුකම්පාව ලබාගැනීමට උත්සාහයක නිරත වන බව ද ෆොන්සේකා මහතා පවසනවා.

යුද ජයග්‍රහණයෙන් පසුව ප්‍රභාකරන්ගේ මිනිය හඳුනා ගැනීමට කරුණා අම්මාන් එම ස්ථානයට ගියේ තමාගේ නියමයෙන් බවද ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

ප්‍රභාකරන් තමා ගරු කරන යුද නායකයෙක් බවත් හමුදාවට අසුවීමට පෙර ඔහුගේ පිස්තොලයෙන්ම වෙඩිතබා ගෙන ඇතැයි තමා විශ්වාස කරන බවට ඉන්දීය මාධ්‍යට කරුණා අම්මාන් විසින් ප්‍රකාශක් කර තිබුනා.
 
Related Posts with Thumbnails