Ads 468x60px

.

"පත්කිරීම්" වලට කල් ගත්තා හොඳටම ඇති. දැන් වැඩ පටන් ගමු"


රටේ මේ වන විට උද්ගතව ඇති ප්‍රධාන ප්‍රශ්න ලෙස අප හඳුනාගෙන ඇත්තේ ඇමැතිවරු පත්කිරීම, නියෝජ්‍ය ඇමැතිවරු පත්කිරීම, පළාත් සභා මහ ඇමැතිවරු පත්කිරීම, පළාත් සභා ඇමැතිවරු පත් කිරීමය. 

"හාල්" පිළිබඳව මොන ප්‍රශ්න තිබුණත් "පත් කිරීමේ" ප්‍රශ්න ගැන හිතන විට උයාගත් බත් ටික හෝ කන්නට තරම් පිරියක්‌ ජනතාවට නැත. තමන් ගේ කතිරයෙන් ගිය අය තනතුරු ගැන හිsතමින් හූල්ලන විට අපට මොන කෑමද?

කෙසේ හෝ මේ "පත් කිරීමේ" අර්බුදයෙන් ඊයේ වනවිට බස්‌නාහිර සහ වයඹ පළාත් ඉවත් විය. ඒ පළාත් දෙකට මහ ඇමැතිවරු පත් කෙරිණි. ඉතිරිව ඇත්තේ ඌවය. මෙය කියවන මොහොතේදී ඌවට මහ ඇමැති

වරයකු පත් කර තිබෙන්නට පුළුවන.

ප්‍රශ්නය තිබෙන්නේ මේ "පත් කිරීමට" තිබෙන අවුලය. ඉතිහාසයේ කවරදාකවත් නොතිබූ ආකාරයෙන් එහි අර්බුදයක්‌ පැන නැඟ තිබේ. ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු පත් කිරීමට වඩා පළාත් මහ ඇමැතිවරු පත් කිරීමේදී බරපතළ අර්බුදයක්‌ නිර්මාණය වූ වගක්‌ පෙනිණි.

බස්‌නාහිර, වයඹ හා ඌව පළාත් සභා තුනේ මහ ඇමැතිවරු තිදෙනා පාර්ලිමේන්තුවට තේරී පත්වීමත් සමඟම මහ ඇමැතිධුර පුරප්පාඩු වීම හේතුවෙන් එම පළාත් සභා තුනේ අමාත්‍ය ධුරද අහෝසි වි ගොස්‌ තිබේ. 


ඒ නිසාම එම පළාත් සභාවලට පත්කෙරුණු සහ පත් කිරීමට නියමිත මහ ඇමැතිවරු යටතේ යළිත් ඇමැතිවරුන්ට දිවුරුම් දීමට සිදුවනු ඇත.

පළාත් සභාව යටතේ පාලනය වන විෂයයන් (අමාත්‍යාංශ) ආසන්න වශයෙන් තිහකට ආසන්න ප්‍රමාණයකි. එය එක්‌ එක්‌ පළාත් අනුව වෙනස්‌ වේ. මෙලෙස පළාත් සභාව යටතේ පාලනය වන විෂයයන් භාරව කටයුතු කරන හා මහජන නියෝජිතයන් පාලනය කිරීමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ මහ ඇමැතිවරයාය. 


පළාත් සභාවේ ප්‍රධානියා වන මහ ඇමැතිවරයාට පළාත් සභාව යටතේ ඇති අමාත්‍යාංශවලින් ඕනෑම ප්‍රමාණයක්‌ තබාගත හැකිය. එසේ වීමට හේතුව මහ ඇමැතිවරයා සතුව තිබිය යුතු අමාත්‍යාංශ ගණන මේ යෑයි ස්‌ථිර සංඛ්‍යාවක්‌ පිළිබඳව නීතියක්‌ නැති නිසාය.

මහ ඇමැතිවරයාට කැබිනට්‌ ඇමැතිවරයකුගේ බලතල හිමි වේ. පළාත් සභා යටතේ පාලනය වන අමාත්‍යාංශ සඳහා මුදල් වෙන් කිරීම, මුදල් ප්‍රමාණය අඩු වැඩි කිරීම වැනි බොහෝ බලතල ඇමැතිවරයා සතුව පවතී. මහ ඇමැතිවරයකු සතු බලතල මේ කියන තරමට වඩා ටිකක්‌ වැඩි බව ද කිව යුතුය. 


පුරප්පාඩු වූ පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා තියුණු තරගයක්‌ නිර්මාණය වුණේ ඒ නිසාය. "පත්කිරීමේ" අර්බුදයක්‌ නිර්මාණය වූයේද ඒ නිසාය. රටේ ජනතාවට මේ මහ ඇමැතිකම් හා ඇමැතිකම් දීමේ අර්බුදය හිසරදයක්‌ බවට පත්වූයේ බාලගිරි දොෂය එතරම්ම නරක අයුරින් දකින්නට තිබුණු නිසාය.

සම්මුතිවාදය පෙරටු කරගත් රජයක ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, මහ ඇමැතිවරු පත් කිරීම එතරම්ම ගැටලුවක්‌ කරගන්නට හේතුව සම්මුතිවාදයක්‌ නොමැතිකම නිසාද යන්න අසාධාරණ ප්‍රකාශයක්‌ නොවේ.

කොයි දේටත් කඹ ඇදීම සහ ෂයිලොක්‌ පන්නයේ ඉල්ලීම් කිරීම රටේ දේශපාලනයේ සුලභව දකින්නට තිබෙන කාරණයක්‌ නිසා ඒ ගැන කිසිවෙක්‌ අමුතුවෙන් පුදුමයට පත්වන්නේ නැත. 


නමුත් මැතිවරණයට මාසයක කාලයක්‌ ද ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරු, මහ ඇමැතිවරු පත්කරන්නට සති දෙකක තුනක කාලයක්‌ ද ගත්විට රටේ ජනතාවට ලබා ගැනීමට ඇති සේවාවන් දීර්ඝ කාලයක්‌ මන්දගාමී වීම වැළැක්‌විය නොහැකි කරුණකි. 

තවමත් අමාත්‍යාංශයන්හි හරි හැටි වැඩ ආරම්භ කර නැත. තවමත් පිළිගැනීමේ සහ නිල වශයෙන් වැඩ භාර ගැනීමේ උත්සව අහවර නැත. 

ප්‍රධාන අමාත්‍යාංශවල හා පළාත් සභා අමාත්‍යාංශවල බොහෝ රාජකාරි ලිපි ලේඛන සඳහා අත්සන් තැබිය යුත්තේ ඇමැතිවරයාය, පළාත් සභාවේ මහ ඇමැතිවරයාය, ඒ බොහෝමයක්‌ එදිනෙදා වශයෙන් වැදගත් වන රාජකාරි ලිපි විය හැක. 

ජනතාවට සේවා සපයන ලිපි ලේඛන විය හැකිය. පටන් ගැනීමේම ජාතික ආණ්‌ඩුවක සම්මුතිවාදය ගිලිහී යන මෙවැනි දුර්වලකම් මඟහරවා ගත යුත්තේ තනතුරු නොව රටේ ඉදිරිය ගැන සිතා බව අපි කියමු. ඒ නිසා "පත්කිරීම්" වලට කල් ගත්තා හොඳටම ඇති. දැන් වැඩ පටන් ගමු" යන්න අපි අවධාරණය කරමු.
 
Related Posts with Thumbnails