Ads 468x60px

.

බලාගෙනයි - ඔබත් දුරකතනයෙන් අසැබි දසුන් නරඹනවා ද?


කප්පම් ලබා ගැනීමේ අරමුණින් සලසන ලද ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතන මෘදුකාංගයක් සොයා ගත් බව පරීක්ෂණ කණ්ඩායමක් පවසයි. ඉහත කී මෘදුකාංගය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹිය හැකි බව ස්කේලර් පරිගණක ආරක්ෂණ සමාගමේ පර්යේෂකයෝ පවසති.

ජංගම දුරකතනයේ ඉදිරිපස ඇති කැමරාව ඔස්සේ මෙම මෘදුකාංගය භාවිතා කර අසභ්‍ය දර්ශන නරඹන පුද්ගලයන්ගේ ඡායාරූප ගෙන තිබේ.

ඉන් අනතුරුව ජංගම දුරකතනය අක්‍රිය කර ඩොලර් අමෙරිකානු 500ක කප්පම් මුදලක් ලබා දෙන ලෙස තිරය මත පණිවුඩයක් තබන බව

පර්යේෂකයින් පෙන්වා දේ.

සති 10 ක් වැනි කෙටි කාලයක් තුළ අමෙරිකානු ඩොලර් 75000 ක් ජංගම දුරකතන, ටැබ් සහ පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතා කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු භාවිතා කර කප්පම් ඔස්සේ මුදල් රැස් කිරීම ඉහළ යමින් ඇති බව පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසයි.

2014 වසරේ සිට ඉහත කී සයිබර් අපරාධවල 127% ක වර්ධනයක් පෙන්නුම් කරන බව ස්කේලර් පරිගණක ආරක්ෂණ සමගම කියා සිටී. පරිගණක සහ ලැප්ටොප් භාවිතා කරන්නන් බොහෝ විට එවැනි අපරාධවල ඉලක්කයවන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

‘මේ තත්වය වර්ධනයවීමට එක් හේතුවක් තමයි මේ ඔස්සේ ඉතා පහසුවෙන් මුදල් හම්බ කිරීමට හැකිවීම’ඉන්ටෙල් ආරක්ෂණ සමාගමේ නිලධාරියකු වන රාජ් සමානි පැවසුවේ ය.

සති දහයක් වැනි කෙටි කාලයක් තුළ අමෙරිකානු ඩොලර් 75000 ක් රැස් කළ කප්පම් ලබා ගන්නා කණ්ඩායමක් සොයා ගත් බවත් ඔහු කියා සිටියේ ය. පෞද්ගලික ලිපිගොනු මකා දමන බවට තර්ජන ‘මෙවැනි මෘදුකාංග රඳා පවතින්නේ අපහසුතාවයට පත් කරවීම කියන කාරණය මතයි. මුදල් නොගෙව්වොත් ඔබේ නම කැත වෙනවා’

‘ඔබගේ ඉලෙක්ට්‍රොනික උපාංගය තුළ තිබෙන ඡායාරූප, වීඩියෝ, සහ ලිපිලේඛන මකා දමනවා කියලා ඇතැම් මෘදුකාංග තර්ජනය කරයි. ඒ හේතුවෙන් ඔබ සතු දත්තවල පිටපත් ගබඩා කර තබන්න. ඔබ මෙහි ඉලක්කයක් වුවහොත් පරිගණක පද්ධතිය සම්පුර්ණයෙන් මකා දමා නැවත අලුත් පද්ධතියක් පිහිටුවන්න’

මෙවැනි මෘදුකාංගයක් පිළිබඳ දැක්වෙන ඊමේල් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙසත් ඉන්ටෙල් ආරක්ෂණ සමාගමේ නිලධාරියකුවන රාජ් සමානි වැඩිදුරටත් කියා සිටියේ ය.
 
Related Posts with Thumbnails