Ads 468x60px

.

වාරියපොළ තරුණියගෙන් මාධ්‍ය හමුවක් (VIDEO)


පසුගිය වස‍රේ අගෝස්තු මස 16 වන දින වාරියපොළ බස්නැවතුම්පොළේ දී තරුණයෙකුට පහර දුන් "වාරියපොළ තරුණිය" නමින් ප්‍රසිද්ධියට පත් තිළිණි අමල්කා නම් තරුණිය ඊයේ (08) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහි දී ඇය අනාවරණය කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයෙන් පසුව අදාළ තරුණයාට මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 50,000ක මුදලක් තිළිනි අමල්කාට ගෙවන ලෙස අධිකරණයෙන් නියම කර ඇති බව යි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වාරියපොළ පොලීසියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති බව වාර්තා වන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අදාළ තරුණයා අධිකරණය ඉදිරියේ වරද පිළිගත් හෙයින් ඔහුට දඬුවම් නියම කර ඇති බව ය.

වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails