Ads 468x60px

.

Facebook චෝදනා වලට දහම් පිළිතුරු දුන් හැටි...


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුතු වන දහම් සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සහභාගීවීම සම්බන්ධයෙන්  අන්තර් ජාලය ඔස්සේ දැඩි විවේචන එල්ලවන ආකාරයක් පසුගිය කාලය පුරාවට දක්නට ලැබුණි.

ඔහු එසේ සහභාගී වූයේ මන්දැයි යන්න ඔහුගේ Facebook ගිණුම හරහා ප්‍රකාශයක් සිදුකොට තිබෙනවා. 


එහි ඔහු විසින් සඳහන් කර ඇත්තේ පවුල්වාදය යනු තමාගේ බලය උපයෝගී කරගනිමින් යම් තැනැත්තෙකු තමාගේ දරුවන්, නෑදෑයින් හෝ මිතුරන් හට රැකියාවක් ලබැගැනීම සඳහා හෝ වෙනත් කටයුත්තක්
සිදුකරගැනීම සඳහා උපකාර සිදුකිරීම බවත් තමා මෙවර සමුළුවට සහභාගීවීම බොහොමයක් දෙනෙක් විවේචනය කරන බවත් එය පවුල්වාදය යයි පවසන බවත් තමා විසින් සිය පියාගේ බලය අයුතුලෙස භාවිතාකරන බව පවසන බවත්ය. 

කෙසේ වෙතත්  දැනට ශ්‍රී ලංකාව තුල මෙවැන්නක් සිදුවනවා ද නැතිද යන්න පිළිබඳව ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි. ඔහු පවසන්නේ තමා මේ සමුළුවට සහභාගී වන්නේ ඔහුගේ මවට ඒ සඳහා සහභාගීවීමට නොහැකිවීම නිසා ඇයට ලැබුණ නිල ආරාධනය වෙනුවෙන් බවයි.

එමෙන්ම මෙම සමුළුවට සහභාගීවීම නිසා තිරසාර සංවර්ධණ ඉලක්ක සම්බන්ධයෙන් වූ තරුණ වැඩසටහනකට සහභාගීවීමට අවස්ථාව ලැබුන බවත්, ඒ තුළින් අපේ රට සෞභාග්‍යමත් කිරීම සඳහා වූ ඉලක්ක ගැන අවබෝධ කරගන්නට තමාට හැකියාව ලැබුන බවත් ඔහු එහි ප්‍රකාශකර තිබෙනවා.

තමාවත් තම පියාවත් පැවති පාලනය සමඟ නොසසඳන ලෙසත් තමන් ඔවුන්ගෙන් ඉතාම වෙනස් බවත් එහි ඔහු ප්‍රකාශ  තිබෙනවා. එමෙන්ම මෙම අවස්ථාව රටට ධනාත්මක පිළිගැනීමක් ලබැගැනීමට හැකි මහඟු අවස්ථාවක් බව තමා විශ්වාසකරන බවද වැඩිදුරටත්  ඔහු එහි සඳහන් කර තිබෙනවා.




 
Related Posts with Thumbnails