Ads 468x60px

.

කාන්තාවකට පහර දීම ගැන රටම හෙල්ලු වීඩියෝවේ අලුත්ම කතාව


තරුණයන් දෙදෙනකු තරුණියකට පහර දෙන වීඩියෝ දර්ශනයක්‌ පසුගිය සතියේ සමාජ වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ වීමත් සමඟ කාන්තා හිංසනය පිළිබඳ නැවත කථා බහක්‌ ඇතිවී තිබේ. 

එසේ වුවද මෙම රූපරාමු අඩංගු දර්ශනයෙන් පෙන්නුම් කෙරෙන සිද්ධිය මීට මාස 11 කට පමණ පෙර වූ සිදුවීමක්‌ බවත් එම කෝන්තර සමාදාන වී තමන් විවාහ වීමට සුදානම් බවත් පහර කෑමට ලක්‌වූ තරුණිය හා පහර
දුන් තරුණයකු කටුනායක පොලිසියට කටඋත්තරයක්‌ ලබා දෙමින් සඳහන් කර තිබේ.

නමුත් මෙම සිදුවීමට සම්බන්ධ තරුණයින් දෙදෙනා හා තරුණියත් අත් අඩංගුවට ගෙන අදාළ සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බව රට පුරා විවිධ සංවිධාන හා පුද්ගලයින් ගෙන් පොලිසියට ඉල්ලුම් ලැබී ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හා එහි කාන්තා කමිටුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවද දැනගන්නට ඇත. මෙම සිද්ධියට අදාළව මෙම අමාත්‍යාංශයටද පැමිණිලි රැසක්‌ ලැබී ඇති බවත් එම පැමිණිලි සියල්ල පොලිසිය වෙත යොමු කර ඇති බවත් සඳහන් වේ.

මෙම පහර දීමට අදාළ වීඩියෝ දර්ශන සහිත ජංගම දුරකථනය අලුත් වැඩියා කිරීම සඳහා දුරකථන අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්‌ථානයකට ලබාදීමෙන් පසු එම මධ්‍යස්‌ථානය මෙම වීඩියෝ දර්ශන සමාජ වෙබ් ජාල වලට මුදාහැර ඇති බවට සැකයක්‌ පවතින බව සිද්ධිය සම්බන්ධ තරුණ යුවළ කටුනායක පොලිසියට දන්වා ඇති බවද වාර්තා වෙයි.


එම වීඩියෝව පහතින් නරඹන්න.


 
Related Posts with Thumbnails