Ads 468x60px

.

වසන්ත බිම වැටී සිටින අයුරු තමන් දුටු බවට කියන SF ලොකූගේ අරුම පුදුම වීඩියෝව..


අනුරාධපුර නගරයේ සමාජශාලාවකදී කරාතේ වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ඉරෝන් රණසිංහ හෙවත් SF ලොකූ පසුගියදා හලාවතදී අත්අඩංගුවට ගනු ලැබුවා. 

කෙසේ නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ලබාගත් බවට පැවසෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා. ඔහු එහි සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය දියත් කළේ මැර කල්ලියක් නොවන බවත් තමන් විසින්
වසන්තව ඝාතනය නොකළ බවත්ය.

සිද්ධිය වූ මොහොතේ ඔහුද සමාජශාලාවට පැමිණ ඇති අතර එය තුලට ගොස් නැවත එළියට පැමිණෙන විට වසන්ත බිම වැටී සිටින අයුරු තමන් දුටු බවට SF ලොකූ මෙම වීඩියෝවේදී පවසා සිටිනවා.

එමෙන්ම තමන් හා තරුණයින් රැසක් අනුරාධපුරයේ සිදුවන සමාජ විරෝධි වැඩකටයුතු හෙළා දකිමින් ඒවා නතර කිරීමට කටයුතු කළබවත්, ඉදිරියේදීද එම කාර්ය සිදුකරන බවට ඔහු පවසනවා.

අනුරාධපුර ඇතැමුන් වසන්ත මියගිය පසු රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වූ බවත් පවසන ඉරෝන් තමන් කිසිදිනෙක රටින් පැනයන්නට උත්සාහ නොකළ බවත් පවසා සිටිනවා.

අවසාන වශයෙන් ඔහු පවසන්නේ තමන් පොලිසියට භාරවන බවත් සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දුක්නොවන බවත්ය.

එහි හිරු වීඩියෝව පහතින්....


"කරාටේ වසන්ත ක්‌ලබ් එකේදී මට පාට්‌ එකක්‌ දැම්මා" මං ආවේ පළිගන්නයි
- සැකකාර ලොකූ පොලිසියට කියයි


"පැනොරාමා ක්‌ලබ් එකේ බොන්න යන මිනිස්‌සුන්ට කරාටේ වසන්ත නිතරම පාට්‌ එක දානවා. මිනිහා මටත් කීප වතාවක්‌ ඔය විදිහට ක්‌ලබ් එකේදී පාට්‌ දැම්මා. ඒකට පළිගන්න තමයි මම කට්‌ටියක්‌ අරගෙන ක්‌ලබ් එක කුඩු කරලා මිනිහටත් පාඩමක්‌ උගන්වන්න ආවේ" යෑයි කරාටේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු එස්‌.එෆ්. ලොකූ නමැත්තා පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

කරාටේ වසන්තගෙන් මම කවදා හරි පළිගන්නවා කියලා මම ෙෆ්ස්‌ බුක්‌ එකෙත් දැම්මා. මට ඕනේ වුණේ මිනිහගෙ චණ්‌ඩිකම් මට්‌ටු කරලා එයාගෙන් පළිගන්න යෑයිද එස්‌.එෆ්. ලොකූ වැඩිදුරටත් කියා සිටියේය.

කරාටේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු හලාවත ප්‍රදේශයේදී මෝටර් රථයක යමින් සිටියදී අනුරාධපුර පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා රාත්‍රියේදීය. අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය හමුවේ කළ ප්‍රකාශයේදී ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

කරාටේ වසන්තව මරලාදාන්න මට ලොකු වියදමක්‌ ගියේ නැහැ. කළු රෙදි මීටර් 15 යි, පොහොර බෑග් 30 යි, මත්පැන් බෝතල් හතයි, කැලෙන් කපා ගත්ත පොලු ටිකකුයි වසන්තව මරන්න යොදා ගත්තේ.

වසන්ත සොයිසාගේ ඝාතනයේ වගකීම මම භාර ගන්නවා. එයත් එක්‌ක මගේ ලොකු වෛරයක්‌ තියෙනවා. අනුරාධපුරයට කැරෝකේ අවන් හල් ඕනේ නැහැ.

මේ මිනී මැරුමෙන් පස්‌සේ මම පොලිසියට භාරවෙන්න හිටියේ. මම ඒ ගැන මගේ මල්ලිටත් කිව්වා. අපරාධයක්‌ කරලා හැංගිලා ඉන්න බැහැ. කවදා හරි පොලිසියට කොටු වෙනවා යෑයි එස්‌.එෆ් ලොකූ කීය.

එස්‌.එෆ්. ලොකූ සිය ප්‍රහාරය සඳහා පාවිච්චි කරන ලද කඩුවක්‌ සෙවීම සඳහා පොලිසිය අනුරාධපුරයේ ස්‌ථාන කීපයක්‌ ඊයේ දැඩි පරීක්‍ෂාවට ලක්‌ කළේය. අනුරාධපුර නාච්චදූව වැවට කඩුව දමා ඇති බව ප්‍රකාශ කිරීම නිසා පොලිස්‌ නිලධාරීන් වැවට බැස කඩුව සොයා ඇතත් එය හමුවී නැත.

සැකකරු රඳවා තබාගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරේ.
 
Related Posts with Thumbnails