Ads 468x60px

.

මුදලට බලයට එක්‌ වූ යුගයක සමාජයේ බොහෝම සුන්දර වූ, පින්බර මිනිසුනුත් ඉන්නා බව...

බුදුන් පා පහස ලත් අප ලක්‌ දෙරණ හරිම පින්බරය. නමුත් එවන් දේශයක සත්ගුණවත් මිනිසුන්ට වඩා නොහික්‌මුණු නොමිනිසුන් බොහෝ වැඩිය. මෙය අරුමයක්‌ නොවේ. 

උදේ සිට රෑ වනතුරු බණ කියන බණ අහන අප රටේ අද අපට වැඩියෙන්ම කන වැකෙන්නේ ඉතා ෙ€දනීය පුවත් ගැනයි. නමුත් එවන් යුගයක මේ සමාජයේ බොහෝම සුන්දර වූ, පින්බර මිනිසුනුත් ඉන්නා බව කිව යුතුමය.

දිනය 2016 ජනවාරි 18 වැනි සඳුදා උදෑසන හිරු මුදුන්වෙනවාත් සමගින් බොහෝ දෙනකු ඉතා කඩිමුඩියේ තම රාජකාරි සඳහා ඔබ මොබ දුවති. නමුදු කාගේත් නෙත ගැටෙන මානේ කිරිල්ලවල කන්දකපාපු හන්දිය

මංසන්ධියේ පදික වේදිකාව මත සිටින, ඇය ගැන කවුරුත් දැක නොදැක්‌කා සේ යති. 

කිරිල්ලවල කන්දකපාපු හන්දිය අසල පිහිටි ''නෙල්සන් එන්ටප්‍රයිසස්‌" ආයතනයේ හිමිකරු වන එල්. ඩබ්ලිව්. නෙල්සන් මහතාගේ නෙත මේ වෙත ගැටිණි. එම අසරණ කාන්තාව බොහෝ අසීරු ලෙස දෙපයින් නැගිට ගැනීමටවත් ශක්‌තියක්‌ නොමැතිව, බිම ඇදි ඇදී යන දසුන නෙතට කඳුළු උණන සුළුය.

වහා ක්‍රියාත්මක වූ නෙල්සන් මහතා ඉතා ඉක්‌මනින් ඇය ළඟට ගොස්‌ ඇය පරීක්‍ෂා කර බැලූ විට ඔහුට දැක ගැනීමට හැකි වූයේ අසූචි ගොඩක්‌ සමග සිටින බඩගින්න හා අධික පිපාසය ඉවසිය නොහැකි තරම් වයස අවුරුදු 65 ක්‌ පමණ වන වයස්‌ගත අසරණ කාන්තාවකි. මෙම සිද්ධිය දුටු සැණින් නෙල්සන් මහතාගේ සිත උණුවන්නට විය. 


කාට වුවද හිමි විය හැකි පොදු ධර්මතාවක්‌ බව සිතූ නෙල්සන් මහතා ක්‍ෂණිකව ක්‍රියාත්මක වී වහා බත් පිඟානක්‌ හා වතුර කෝප්පයක්‌ ඇයට ගෙනැවිත් දුන්නේය. එම අසරණ කාන්තාවගේ බඩගින්න සහ පිපාසය කොතරම්ද කියතොත් එක මොහොතකට වතුර කෝප්ප 5 ක්‌ බී මොහොතින් සියල්ල හිස්‌ විය. 

එයින් නොනැවතී ඉතා ඉක්‌මනින්ම මෙම සිද්ධිය පිළිබඳව වැලිවේරිය පොලිසියේ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රෝහණ මුණසිංහ මහතා දැනුවත් කළ අතර, පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා, වැලිවේරිය, පොලිස්‌ ස්‌ථානයේ ප්‍රජා පොලිස්‌ ඒකකයේ පො. සැ. (55556) ශාන්ත දනන්සූරිය මහතා එම ස්‌ථානයට එවීමට කටයුතු කළේය.

තවද ප්‍රදේශයේ ග්‍රාම සේවක මහතා සේම ප්‍රදේශයේ සමාජ සේවා නිලධාරී මහතාද දැනුවත් කළේය. හැමදාම මෙම සමාජ සත්කාරවලට දායක වන කන්දකපාපු හන්දිය ප්‍රදේශයේ හිතවතුන්ගේද සහාය ඇතිව නෙල්සන් මහතාගේ නිවසට ගෙනැවිත් ඇය පිරිසිදු කිරීමට යුහුසුළුව කටයුතු කළහ. ලොකු රංජිත් සහ පොඩි රංජිත් යන දෙදෙනා මෙහිදී පැසසිය අද මෙහෙයක නිරත වුහ.

ඇයගේ දකුණු කකුල මත විශාල තුවාලයකි. එය පිරිසිදු කිරීමට ගැල වූ අවස්‌ථාවේදී ඔවුනට දැක ගත හැකි වූයේ තුවාලයේ පණුවන් විශාල ප්‍රමාණයක්‌ ඇති බවයි. එම තුවාලයෙන් දැඩි දුගඳක්‌ද තිබූ අතර ඒ සියල්ල පිරිසිදු කොට ඇයට අලුත් ඇඳුම් ඇන්දවූ මේ පිරිස වැලිවේරිය පොලිස්‌ ස්‌ථානයේ ප්‍රජා පොලිස්‌ ඒකකයේ පො. සැ. (55556) ශාන්ත දනන්සූරිය මහතා සමගින් ත්‍රීවීල් රථයකින් ගම්පහ මූලික රෝහලට ඇය ගෙන ගියහ. 


රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇයගේ තුවාලයට වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා ගම්පහ රෝහලේ 8 වැනි වාට්‌ටුවේ නවතා තැබීණි. මෙම තුවාල සුවවීමෙන් පසුව ඇයගේ අනාගත සුරක්‍ෂිතභාවය උදෙසා ප්‍රදේශයේ සමාජ සේවා නිලධාරී මහතා හරහා එම අසරණ කාන්තාව වැඩිහිටි නිවාසයට යොමු කිරීමට පිරිස බලාපොරොත්තු වේ.

මෙහිදී පොලිසිය මගින් ඇය පිළිබඳ සොයා බැලීමේදී දැන ගැනීමට හැකි වූයේ ඇය වයස අවුරුදු 65 ක්‌ පමණ වන අවිවාහක කාන්තාවක්‌ වන අතර නමින් "හෙලන් එළිසබත්" වන බවයි. 


ඇය ජා -ඇල ප්‍රදේශයේ තමාගේ අයියා සහ මල්ලී සමග එකට ජීවත් වූ බවත්, රාත්‍රී කාලයේදී ඇය මෙම කිරිල්ලවල කන්දකපාපු හන්දිය ප්‍රදේශයට කවුරුන් හෝ ගෙනැවිත් දමා ඇති බවත් අනාවරණය විය.

මුදලට බලයට එක්‌ වූ යුගයක මෙම සද්කාර්ය මුළු මහත් සමාජයටම ගෙන එන්නේ අතිමහත් වූ ආදර්ශයකි.
 
Related Posts with Thumbnails