Ads 468x60px

.

හොරකම විධිමත් කිරීමත් පුද්ගලයන් පන්නා දැමීමත් හැරෙන්නට වෙන වැඩක්‌ කෙරෙන්නේ නැති බව...


රටේ බෙහෙත් හිඟයක්‌ තිබේ. බාල ඖෂධ, උපකරණ ගෙන්වීමද යහතින් සිදුවේ. රෝගීහු පැය ගණනක්‌ පෝලිම්වල ලැග සිටින්නාහ. ඇමැතිවරු මවුන්ට්‌ එළිසබෙත් ගොස්‌ රෝග සුවකරගෙන පැමිණෙන විටත් හදවත් රෝගීහු දහස්‌ ගණනක්‌ "ලිස්‌ට්‌" එකේ ලතවෙන්නාහ. 

හදවත් සැත්කමට නොව එම්. ආර්. අයි. ස්‌කෑන් පරීක්‍ෂාවක්‌ සිදුකර ගැනීමට පවා බොහෝ කාලයක්‌ ලිස්‌ට්‌ එකේ සිටිය යුතුය. ඖෂධ පනත ගෙන ආ නමුත් තවමත් ඖෂධ මාෆියාවක්‌ ඇති බව කියන්නේ වෛද්‍ය
ක්‍ෂේත්‍රයේ අයමය. හැම පත්තරයකම මේවා ගැන ප්‍රවෘත්ති පළ විය. 

විද්යුත් නාලිකාවල පැයෙන් පැය ප්‍රවෘත්තිවල පවා ඒ ගැන සඳහන් විණි. ඒත් අපට පෙනෙන්නේ මේ සියල්ලටම වඩා රටේ සෞඛ්‍ය බලධාරීන්ට විස¹ ගැනීමට "වෙනත් ප්‍රශ්න" ඇති බවය.

ඖෂධ පනතට අනුව පිහිටු වූ "ජාතික ඖෂධ නියාමන" අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාව සිටි මහාචාර්ය ක්‍රිශාන්ත වීරසූරිය හා සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ලාල් ජයකොඩි සම්බන්ධයෙන් අර්බුදයක්‌ මතුවූයේ දැනට මාස දෙකකට පමණ ඉහතදීය. 


පසුගිය පෙබරවාරි මාසයේ මේ විද්වතුන් දෙපළ සිය තනතුරුවලින් ඉල්ලා අස්‌වූහ. ඒ තමන්ගේ රාජකාරිය කරගන්නට ඇති බැරිකම නිසා නොවේ. සෞඛ්‍ය ඇමැතිවරයාගේ නියෝගය මතය. කෙසේ හෝ නෛතිකව ඒ මහත්වරුන්ට එලෙස ඉවත්වීමට (ඇමැතිවරයා නියෝග කළද) හැකියාවක්‌ නැත.

දැන් මේ වන විට මේ ප්‍රශ්නය අලුත් වටයකින් කරළියට පැමිණ තිබේ. පුවත්ප
ත් වාර්තා කර තිබූ ආකාරයට ඖෂධ අධිකාරියේ මේ වන විට "ඩබල් ට්‍රබල්" ය. 

පසුගිය බදාදා (20 වැනිදා) නැවත සේවයෙන් පහකළා යෑයි කියන මහාචාර්ය ක්‍රිශාන්ත වීරසූරියත්, ඒ වෙනුවට පත් කළ නව ප්‍රධාන විධායක නිලධාරිවරයාත් යන දෙදෙනාම එකම තනතුරේ රාජකාරි කටයුතු කිරීම ආරම්භ කර තිබේ. 

මහාචාර්ය ක්‍රිශාන්ත වීරසූරියට ඇති චෝදනාව අමාත්‍යවරයාට නොදන්වා විදේශගත වීමය. සෞඛ්‍ය අමාත්‍යාංශයට මේවා රාජකාරි වශයෙන් "මෙගා" ප්‍රශ්න හැටියට පෙනෙන එක වාසනාවකි. 

එහෙත් අවාසනාවකට අප ඉහතින් සඳහන් කළ සෑම ප්‍රශ්නයක්‌ම (සෞඛ්‍ය සේවයේ විසඳිය යුතු අත්‍යවශ්‍යම ප්‍රශ්න) සුළු ප්‍රශ්න හැටියට අදාළ බලධාරීන් සළකන බව පෙනේ.

අදාළ මහාචාර්යවරු දෙදෙනාගේ තනතුරු යටතට පැවරී ඇති විෂය කාරණා අතර අප සඳහන් කළ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමද අයත්ය. ඒ නිසාම මේ අර්බුදය ඒ දෙදෙනාට පොදු වූ ප්‍රශ්නයක්‌ නොව සමස්‌ත ජනතාවටම බලපාන ප්‍රශ්නයක්‌ බව කිව යුතුය. 


මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරියත්, මහාචාර්ය ලාල් ජයකොඩිත් ඉවත් කළ සැනින් සෞඛ්‍ය සේවාවේ මේ වන විට උද්ගතව ඇති ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබේ නම් අප අත් දෙකම ඔසවා ඊට එකඟතාව පළකරන්නෙමු.

 එහෙත් ඖෂධ නියාමන අධිකාරිය පිහිටු වූදා පටන්ම කුමක්‌ හෝ වැරැද්දක්‌ සිදුවන බව පෙනේ. එක්‌කෝ මේ මහාචාර්යවරු දෙදෙනාට පවතින ඖෂධ මාෆියාව සමඟ හැප්පෙන්නට බැරිකමක්‌ තිබේ. 

එසේත් නැත්නම් ඒ දෙපළ ඖෂධ මාෆියාවේ ඉත්තන් බවට පත්ව තිබිය යුතුව තිබේ. එහෙත් දන්නා තරමට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ එවැන්නක්‌ ප්‍රකාශ කර නැත. අමාත්‍යාංශයට මේ වන විට ඇති එකම ප්‍රශ්නය "නොදන්වා විදේශගත වීමේ" ප්‍රශ්නයක්‌ පමණි.

බොහෝ රාජ්‍ය ආයතනවල මේ යහපාලන ආණ්‌ඩුව යටතේ ද බැලූ නොබැලූ ඇසිල්ලේ තක්‌කඩිකම් සිදුවේ. වංචාව දූෂණය තුරන් කරනවා යෑයි කීවාට වැඩි වශයෙන් ඇත්තේද ඒවාමය. 


සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය එවැනි තක්‌කඩිකම් කරන උදවියට "පහසුකම්" සලසන එකක්‌ බව කිව යුතුය. 2015 අංක 05 දරන ඖෂධ නියාමන අධිකාරියේ පනත අනුව ඊට පැවරී ඇති බලතල පුළුල්ය. 

ඒ බලතල යටතේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තවදුරටත් මාෆියාවක්‌ ඉතිරිව තිබෙන්නට බැරිය. එහෙත් දිනපතාම වාර්තා වන්නේ එවැනි කාරණාය. 

අඬබෙර ගසාගෙන ආ ඖෂධ පනත යටතේ හොරකම විධිමත් කිරීමත් පුද්ගලයන් පන්නා දැමීමත් හැරෙන්නට වෙන වැඩක්‌ කෙරෙන්නේ නැති බව පමණක්‌ කිව යුතුය.
 
Related Posts with Thumbnails