Ads 468x60px

.

චපල පෙම්වතියට පෙම්වතා මරණ දඬුවම දීලා

ඉංගිරිය නරගයේ පුද්ගලික ආයතනයක සේවය කළ සේවිකාවකට සිය පෙම්වතා විසින් පිහිපහර දී ඝාතනය කර පලා යාමේ සිද්ධියක් ඉංගිරිය පොලිසියෙන් වාර්තා වේ.

මෙම ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 15 වැනිදා වන අතර, අදාළ සේවිකාව ඇය සේවය කළ ආයතනය තුළම ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනයවී ඇත්තේ කහවත්ත දම්බුලූවත්ත පදිංචිව සිටි කෝනාර මුදියන්සේලාගේ ශ‍්‍රියානි කෝනාර නමැති 27 හැවිරිදි තරුණියකි.

සැකකරුද එම ආයතනයේම සේවය කරනු ලබන සේවකයෙකු වන අතර, ඝාතනය සිදුවූ දිනයේදී ඔහු නිවාඩු ලබා සිට ඇති අතර එදින පෙරවරු 11.00ට මියගිය තරුණිය මුණගැසීමට පැමිණෙන බවට දුරකථන ඇමතුමක් දී තිබේ.

අදාළ වේලාවට සැකකරු ආයතනයේ පිටුපස ආරක්ෂක තාප්පයෙන් පැමිණ විනාඩි කිහිපයක් කතා බස් කරමින් සිට බහින් බස් වීමකින් අනතුරුව මෙම ඝාතනය පලාගොස් ඇතැයි පැවසේ.
මියගිය තරුණිය සැකකරු සමඟ පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන යමින් වෙනත් පුද්ගලයෙක් සමග සබඳතාවක් පැවැත්වීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී හෙලිවී තිබේ.

සැකකරු තරුණියගේ පිට ප‍්‍රදේශයට හා උදරය ප‍්‍රදේශයට පිහි පහරවල් තුනක් එල්ලකර අතැයිපැවසේ.

පලාගිය සැකකරු 24 හැවිරිදි අයෙකි.
 
Related Posts with Thumbnails