Ads 468x60px

.

මන්ත්‍රී සහෝදරිය පෙම් පලහිලව්වක

ගාලු මුවදොර පිටියට ආසන්න රාත්‍රී සමාජ ශාලාවක පසුගියදා රාත්‍රී 11:30 ට පමණ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරිය හා තවත් පිරිසක් ගැටී ඇත.

ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවූ ගැටළුවක් නිසා මන්ත්‍රී සහෝදරියට වෙනත් තරුණියන් 20 ක් පමණ පහර දී ඇති අතර මන්ත්‍රී සහෝදරියගේ යහළුවන් පිරිසක්ද එයට ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත.

ගැටුම සිදුවන අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයාද එතන සිට ඇති අතර ගැටුම අතරතුරේ ඔහු සමාජ ශාලාවෙන් පිටවගොස් ඇත.

ගැටුම අවස්ථාවේ පිටව ගිය මන්ත්‍රීවරයා නැවත රාත්‍රී 1:30 ට පමණ පැමිණ ආරක්ෂක කැමරාවල දර්ශන පටිගත වන දෘඩ තැටි බලෙන් ගෙන ගොස් ඇත්තේ තොරතුරු පිටට යාම වලක්විමටය.
 
Related Posts with Thumbnails