Ads 468x60px

.

විද්‍යාට ඕනෑ බෙංගාල සැමියෙක් ලු

බොලිවුඩ් රිදී තිරයේ නිතර දක්නට ලැබෙන දමිළ නිළි විද්‍යා බාලන් ඉන්දීය බෙංගාල සංස්කෘතිය හා ඉතා දැඩි බැඳීමක් ඇති නිළියක් ලෙස ප‍්‍රසිද්ධ වේ.


විද්‍යා, බෙංගාලී බස, සංස්කෘතිය, ආහාර, ඇඳුම් පැළඳුම් සියල්ලටම දක්වන දැඩි රුචිය හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගේ මතය වන්නේ ඇයබෙංගාල ප‍්‍රාන්තයේ ඉපිද ඇති බවයි.
විද්‍යා හා බෙංගාල ප‍්‍රාන්තය අතර ඇති මෙම බැඳීම ආරම්භ වී ඇත්තේ මෙසේය.
විද්‍යගේ ප‍්‍රථම චිත‍්‍රපටය වන Bhalo Theko නම් බෙංගාල චිත‍්‍රපටිය රූගත කිරීමෙන් පසුව ඇය වෙළඳ දැන්වීම් දර්ශන පෙළක් රූගත කිරීමට කොල්කටා නගරයට ගොස් ඇති අතර, ප‍්‍රථම වරයට එහි ගිය අවස්ථාවේදී තමාට ඉතා හුරුපුරුදු හැඟීමක් දැනුන බව ඇය කියයි.

එතැන් පටන් බෙංගාලයට දැඩි ලෙස ඇළුම් කරන විද්‍යා, කොල්කටාව සිය දෙවැනි ගම ලෙස සලකන බවත් තමා කෙදිනක හෝ විවාහ වන්නේද බෙංගාල ප‍්‍රාන්තිකයෙකු බවත් ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.
මේ සඳහා හේතුවක් ඇයට ද සිතා ගත නොහැකි බව පවසයි.
කෙසේ වෙතත් බෙංගාල ප‍්‍රාන්තය හා තමා අතර ඇති බැඳීම පෙර ආත්මයක බැඳීමක් විය හැකි බව සිය මව පවසන බව විද්‍යා කියයි.

බොලිවුඩයේ සිටින දක්ෂ නිළියක් ලෙස සැලකෙන විද්‍යා බාලන්, පරිනීතා, ලගේ රහෝ මුන්නා බායි, එක්ලව්යා, සලාම්-එ-ඉෂ්ක්, පා, ගුරු හා භූල් බුලෙයියා ඇතුළු චිත‍්‍රපට ගණනාවක රඟපා ඇත.
 
Related Posts with Thumbnails