Ads 468x60px

.

අනියම් ප්‍රේමය මරු කැඳවයි -ප්‍රේමවන්තිය දැලේ

මාරවිල,තබ්බෝව ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු පිහි පහරකට ලක්ව අද(19) අලුයම මියගොස් තිබේ.

අදාළ පුද්ගලයාගේ අනියම් බිරිඳ විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බව මාරවිල පොලිසිය පැවසීය.

අදාළ පුද්ගලයාට පහරදීමෙන් අනතුරුව පලා යාමට තැත්කළ එම කාන්තාව මාරවිල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් කාන්තාව විසින් පිහිපහර එල්ල කර ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව මාරවිල පොලිසිය සඳහන් කරයි.
 
Related Posts with Thumbnails