Ads 468x60px

.

තහනම් ගහේ ගිය මීරිගම පොලිස් පරීක්‍ෂකගේ වැඩ තහනම්

මීරිගම, හල්පේ ප‍්‍රදේශයේ නිවසකට හොර රහසේ ඇතුළු වූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු අල්ලා ගස් බැඳ පොලිසියට භාරදිමේ සිද්ධියක් මීරිගම පොලිසියෙන් වාර්තා වේ.

ඊයේ (18) මෙම සිද්ධිය සිදුවී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර මහතා පරීක්ෂණයක් පවත්වා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ නියෝග මත සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ නිවසේ හිමියා වූ සිවිල් ආරක්ෂකයකු විසින් ඔහු අල්ලා ගස් බැඳ ඇතැයි පැවසේ.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් පිරිසක් සමඟ නීති විරෝධී මත්පැන් වැටලීමකට යන බවට ව්‍යාජ සටහනක් යොදා අදාළ නිවසට ගොස් ඇතැයිපොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ගස් බැඳි සිවිල් ආරක්‍ෂකයාගේ බිරියද සිවිල් ආරක්ෂක  බලකායේ සමාජිකාවකි.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා මේ නිවසට ඇතුළු වූ පසු ගෙහිමියා වන සිවිල් ආරක්ෂක නිලධාරියා දැකීමෙන් පසු දිවයද්දී ඔහු පසුපස පන්නා ගොස් අල්ලා පහරදී ගසක බැඳ ඇතැයි හෙළි වී තිබේ.

තමන් මෙම මාර්ගයේ ගමන් කරමින් සිටියදී අල්ලාගෙන පහරදී ගස් බැන්ඳි බව උප පොලිස් පරීක්ෂකවරයා පොලිසියට පවසා ඇත.

කෙසේවුද සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී වරයා කළ පරීක්‍ෂණයේදී මෙම උප පොලිස් පරීක්ෂවරයා හා ගස් බැඳි ගෙහිමියාගේ බිරිය අනියම් ඇසුරක් පවත්වා ඇතැයි හෙළිවී තිබේ.

මේ අතර, ඊට සම්බන්ධ යැයි සැකකෙරෙන සිවිල් ආරක්ෂක සාමාජිකාවගේද සේවය අත්හිටුවීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
Related Posts with Thumbnails