Ads 468x60px

.

මට පෙම්වතුන් දෙන්නෙක්‌ ඉඳලා තියනවා

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස පාසල් වියේදීම නිවේදන කලාවට පිවිසුණු නිරෝෂා පෙරේරා මේ දක්‌වාම එකී මාධ්‍යයේ පෙළහර පාමින් හිඳී. ඒ අතරතුර ටෙලිනාට්‍ය සහ සිනමාව ඔස්‌සේඉදිරිපත් කළ රංගනයඅමතක කළ හැකි නොවේ. අපි ඇය සමඟ මොහොතක්‌ කතා කරමු.

බොහෝ අය හිතන්නේ නිරෝෂා පෙරේරා කියන්නේ දඟකාර චරිතයක්‌ කියලයි?

මිනිස්‌සු එහෙම හිතන බව මමත් දන්නවා. දඟකාර විතරක්‌ නොවෙයි, සමහරු හිතන්නෙ මම දහවල් රූපවාහිනී තිරයේ පෙනී සිටින හවසට හොඳට කාල බීලා නටන සෙල්ලක්‌කාර චරිතයක්‌ කියලයි. නමුත් ගොඩක්‌ අය නොදන්නවා වුනාට මම හොඳ බෞද්ධයෙක්‌. ඒ වගේම මම වැඩියෙන්ම ප්‍රිය කරන්නෙ වැඩක්‌ නැති හැම වෙලාවෙම ගෙදරට වෙලා නිදහසේ ඉන්න.

ඔබට විදේශීය සම්භවයක්‌ තියනවද කියලත් බොහෝ අය ප්‍රශ්න කරනවා නේද?

ඔව්. මම දන්නෙ නෑ ඇයි මිනිස්‌සු මගෙන් එහෙම අහන්නෙ කියල. සමහරු අහනව මගේ අම්මා හරි තාත්ත හරි රටද කියල. ඉතිං මමත් කියනවා ඔව් කියල. ඇයි ඉතින් ලංකාවත් රටක්‌ නේ. සමහරවිටඅය එහෙම හිතන්නේ මගේ මුහුණත් තහඩුව නිසා වෙන්න ඇති.

ඔබ කතා කරන විලාශය නිසා වෙන්න බැරිද?

මම හිතන්නෙ නෑ...... මට හොඳට සිංහල කතා කරන්න පුළුවන්නෙ. මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්ත බව ඇත්ත. නමුත් ජාත්‍යන්තර පාසලක ඉගෙනගත්තා කියල අනික්‌ අයට වගේ මට මව් බස බැරි නෑ. සමහරුන්ට නම් එහෙම වෙනව. තවත් සමහරු පසුකාලයකදී ඉංග්‍රීසි ඉගෙන ගත්තාම මව් බස දන්නෙ නෑ වගේ ලෝකයා ඉදිරියේ හැසිරෙනව. නමුත් මම එතෙන්ට වැටිල නෑ.

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්‌ ලෙස ඔබ දැන් ස්‌ථාවරයි කියල හිතනවද?

මට ලැබෙන ප්‍රතිචාර අනුව නම් එහෙම හිතෙනව. ස්‌ථාවර විතරක්‌ නොවෙයි ජනප්‍රියයි කියලත් හිතෙනව. මොකද ජනප්‍රියත්වයයි දැනුමයි නැත්නම් මේ වෘත්තිය මේ තාක්‌ කරගෙන එන්න බෑ. දැනුම සහ පළපුරුද්ද ඔස්‌සේ ලබන ජනප්‍රියත්වය මේ විෂයේදී කෙනෙක්‌ ස්‌ථාවර මට්‌ටමකට ගෙන එනවා. හැබැයි එහෙමයි කියල මම එතනින් නවතින්නෙ නෑ. මොන දේ කළත් මොන මට්‌ටමේ හිටියත් ඒ කරන දේවල් තුළින් හැමදාම මම අලුත් දෙයක්‌ ඉගෙනගන්නවා.

ඔබට පසුව මේ වෘත්තියට පැමිණි අය ගැන ඔබේ අදහස?

මම කැමතියි විවිධත්වයෙන් යුතු අය මේ ක්‍ෂේත්‍රයට එනවට. එකම දේකට උණත් එක්‌ අයකුට ආධිපත්‍යයක්‌ තියෙන්නෙ නැතිව විවිධත්වයක්‌ තියෙනවනම් එතැන ලස්‌සනයි. ප්‍රෙක්‍ෂකයන්ට උණත් එපා වෙන්නෙ නැත්තේ එතකොටනෙ. ඒ වගේම අලුත් උණත් පරණ උණත් දක්‍ෂයා කවුද ඔහුට හා ඇයට මම ගරු කරනවා. අගය කරනව. මොකද මම නිවේදිකාවක්‌ ලෙස ක්‍ෂේත්‍රයට ආවේ අවුරුදු 15 වේදී. මම හිතනව ඕනම දේකට සුදුස්‌සෙක්‌ ඉන්නව. ඒ කෙනාට ඒ තැන ලැබිය යුතුයි.

වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී ඔබ කවුරුන් හෝ අනුකරණය කරනවද?

කොහෙත්ම නෑ. මට එහෙම ඕනකමකුත් නෑ. මොකද මම එන කාලේ නිවේදන කලාවේ කතාකරන විදිය වෙන්න පුළුවන්. අඳින ඇඳුම් වෙන්න පුළුවන්, වැඩසටහන් සංකල්ප වෙන්න පුළුවන්, ඒ හැමදේම එක තැනකට කොටුවෙල තිබුණෙ. නමුත් මට වාසනාව ලැබෙනවමායිම් පැනල නිදහස්‌ ආරකින් වැඩසටහන් ඉදිරිපත් කරන්න. මම එය කළේ ඉතාම සරලව. ඒ දේ කරන්න පහසු වුණේ ලංකාවේ ප්‍රථම වතාවට ඉදිරිපත් කළ වැඩසටහන් ඉදිරිපත් කරන්න මට අවස්‌ථාව ලැබුණ නිසයි. උදාහරණයක්‌ විදියට ස්‌වර්ණවාහිනියෙ ‘ස්‌වර්ණෝදය‘ බ්‍රෙක්‌ෆස්‌ට්‌ ෂෝ එක, ටැලන්ට්‌ ෂෝල ෆන් ටයිම් ගේම් වගේ වැඩසටහන් මුලින්ම ඉදිරිපත් කළේ මම. එතනදී මම දන්න දේ කළා. හැබැයි පසු කලෙක මේ දේවල් අනිත් අය අනුකරණය කරනව කියල තේරෙනව. ඒක මට ආඩම්බරයක්‌.

නමුත් නිවේදිකාවක්‌ ලෙස ඔබේ ජනප්‍රියතාව රඳවාගන්නයි රංගනයට පිවිසුණේ, කිව්වොත්?

නැහැ. වැරදියි. මම නිවේදිකාවක්‌ ලෙස කටයුතු කරමින් හිඳින මුල් කාලයේදීමයි දක්‍ෂ අධ්‍යක්‍ෂකවරයකුගෙන් රංගනය සඳහා ආරාධනා ලැබෙන්නෙ. ඒ අවස්‌ථාවේ මම එය ප්‍රතික්‍ෂේප කරනව. මොකද මමවෙනකොට ඉගෙන ගන්නා අතරතුරෙයි නිවේදන කටයුතු කළේ. මම කවදාවත් හැමදේම බදාගන්න චරිතයක්‌ නොවෙයි. මුලින්ම බාර ගත්ත වැඩේ හරියට අතරමග නවත්වන්නේ නැතිව කරනවා. අතරමගදී කොයිතරම් ලාභ ප්‍රයෝජන වැඩක්‌ ආවත් ඒ ගැන හිතන්නේ නෑ. ඒක මගේ ප්‍රතිපත්තිය.

මුල් කාලෙදීම ඔබට රංගනයට ආරාධනා කළේ කවුද කියා කිව්වෙ නෑ?

නම අහන්නේ නැතිව කියන එක හොඳ මදි නිසායි කිව්වෙ නැත්තේ. මුලින්ම මට කතා කළේ උදයකාන්ත. රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපටයට. සනත් ගුණතිලකත් මට කතා කළේ ඒ කාලෙදිමයි. නමුත් මම ඉගෙන ගන්න නිසා බැහැයි කිව්වා. හැබැයි එදා පටන්ගත්තා නම් මම අද හොඳ තැනක.

දැන් ඔබ ඒ ගැන පසු තැවෙනවද?

කොහෙත්ම නෑග දෙයක්‌ නොලැබුණා කියල කිසිදාක දුක්‌වෙන කෙනෙක්‌ නෙමෙයි මම. මගේ දෙයක්‌ කාට හරි නොදෙන්න තරම් මම ලෝභ නෑ.

හරි ඔබ, ඔබව දකින්නේ කොහොමද?

බොරුවක්‌ කියන්න අවශ්‍ය නෑනෙ. මේ වයස වෙද්දි මම, මම කියන්නේ කවුද මට මොනවද ඕන කියන හැම දෙයක්‌ම තේරුම් අරන් ඉන්නෙ. මට ලොකු ලොකු අසාවල් නෑ. සිහින නෑ. හැමදාම ටෙලිවිෂන් එකේ පේන්න ඉන්න ඕනෙත් නෑ. මම දැන් ආධ්‍යාත්මික පැත්තට බරයි. ඒක මම කිය කියා යන්න ඕනෙත් නෑ. ඇහුව නිසයි කිව්වෙ. ඒක මගෙත් එක්‌ක තියෙන්න ඕන දෙයක්‌.

ඔබ ආධ්‍යාත්මික පැත්තට බරයි කිව්වා. ඒ ගැන තව ටිකක්‌ කතා කළොත්?

ඉගෙන ගන්න පුළුවන් මනස හොඳට තියෙන කාලෙදිනෙ. පසුගිය කාලෙ මම කාලය වැය කළේ අධ්‍යාපනය පැත්තට. සමාජ විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය හැදැරුව. ඒ වගේම ඉන්දියාවේ ගුරු ජී කෙනෙකුගෙන් යෝග ඉගෙන ගත්තා. යෝග කියන්නෙ ඇඟ එහාට මෙහාට නවන එක විතරක්‌ නොවෙයිනෙ. ඒවයෙ තියෙන භාවනා ක්‍රම මට ඉදිරියෙදී ප්‍රයෝජනවත් වේවි.

ඇයි ඔබ විවාහ වෙන්නෙ නැත්තෙ?

ඉතිං මම විවාහ වෙන්නෙ නැහැයි කිව්වේ නෑනෙ. මම හිතන්නේ හැම දේකටම තැනක්‌ වෙලාවක්‌ තියනව. තමන්ගෙ උනන්දුව නැතිව මොකවත් කෙරෙන්නේ නෑනෙ. මමකාලෙ ඉඳන් තනිවමයි මගේ දේවල් කරගත්තෙ. කාන්තාවක්‌ විවාහ වීම අත්‍යවශ්‍යයි කියලම නෑ නෙ.

ඔබට දැන් පෙම්වතෙක්‌ ඉන්නවද?

දැන්නම් නෑ. හැබැයි එක පෙම්වතෙක්‌ නොවෙයි, පෙම්වතුන් දෙන්නෙක්‌ම මට ඉඳලා තියෙනව.

දැනට ඔබ මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ කාටද?

සම සමව වගේ පවුලේ සාමාජිකයන්ට. ඒ හැර මනුස්‌සකම තියෙන මිනිස්‌සුන්ට මම ආදරෙයි.
 
Related Posts with Thumbnails