Ads 468x60px

.

හැරගිය ස්වාමියා, බිරිය, පෙම්වතා, පෙම්වතිය ගෙන්වා දෙනවා - මර්වින්

හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය, ස්වාමි පුරුෂයා හෝ බිරිඳ ‍ගෙන්වාදීමට තමන් කටයුතු කරන බවත් තම අමාත්‍යංශයෙන් පවුල් ප්‍රශ්න විසඳන්නට ක්‍රියා කරන බවත් තමන් සිටින්නේ එකී කාර්යයට බවත් මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ඇමතිවරයා මේ බව  කියා සිටියේ සිය අමාත්‍යංශ කටයුතු පිළිබඳ ගම්පහ ආසනයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට අද(17) එක්වෙමිනි. ගම්පහ, ඉඳිගොල්ල විජිත ප්‍රාථමික විද්‍යාලයේ මෙම ජන හමුව අද කැඳවා තිබිණි

රට පුරා තැනින් තැන ග්‍රීස් යකුන් පිළිබඳ අසන්නට ලැබෙන බවත් එකී ග්‍රීස් යකුන් ජවිපෙකාරයන් බව තමන් අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන බවත් ඇමතිවරයා  එහිදී අවධාරණය කළේය. 88-89 කාලය මෙන්ම කැරලිකෝලාහලකාරී තත්ත්වයක් නිර්මාණය කරගැනීම සඳහා ග්‍රීස්යකුන් මාර්ගයෙන් ඊට අදාළ වටපිටාව සකස්කරගනිමින් සිටින බවට හෙතෙම  ජ.වි.පෙට චෝදනා කළේය.

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් නායකයා එළවාදමන්නට කටයුතු කරමින් සිටින බවත්සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහ පවත්වන්නට කටයුතු කරමින් සිටින බවත් සදහන් කල ඇමතිවරයා එසේ  රැස්වන පිරිස් එළවාදමන්නට තමන්ට හැකියාව ඇති බවඑය හොඳින් හෝ නරකින් තමාට කළ හැකි බවද පැවසිය.

විපක්ෂ නායකයා එළවා දමන්නට මෙසේ කටයුතු කිරීම විනය විරෝධී ක්‍රියාවක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා මෙහෙව් ක්‍රියා මාර්ග නිසා ලංකාවේ දේශපාලනය පිරිහීමට ලක්වෙමින් පවතින බව කියා සිටියේය.
 
Related Posts with Thumbnails