Ads 468x60px

.

පාසල් සිසුවියනට නිරුවත පෙන්වූ සැකකරුට ශරීර ඇප

මහනුවර මහයියාව දුම්රිය මාර්ගයේ පාළු ස්ථානවල සැරිසරමින් පෞද්ගලික පන්ති සඳහා පැමිණෙන පාසල් සිසුවියන්ට නිරුවත පෙන් වූ බව කියන තිදරු පියකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 පාසල් සිසුවියන් පිරිසක් කරන ලද පැමිණිල්ලකට අනුව මහනුවර කාන්තා කාර්යාංශය මගින් මොහු අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා සතිඅන්ත දිනවල මාවනැල්ල සිට මහනුවරට පැමිණ දුම්රිය මාර්ගයේ සැරිසරමින් පාළු ස්ථානවලදී පාසල් දැරියන්ට නිරුවත පෙන්වා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
මෙම පුද්ගලයා මහනුවර මහේස්ත්‍රාත් එස්. යූ. බී. කරල්ලියද්ද මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 25000/-ක ශරීර ඇප මත මුදාහරිමින් යළි අගෝස්තු මස 27 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කැර ඇත. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. කරුණාරත්න, පොලිස් අධිකාරි මහගෙදර, මූලස්ථාන පොලිස් පරීක්ෂක පලිහවඩන යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානකී සෙනෙවිරත්න මහත්මිය ඇතුළු පොලිස් නිලධාරිනියන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
 
Related Posts with Thumbnails