Ads 468x60px

.

උඩුගම ගමක ගැබ්බර එළදෙනකගේ පිටුපස ගාත් දෙකම කපාගෙන ගිහින්

උඩුගම කොණ්‌ඩගල වත්ත ප්‍රදේශයේ බැඳ සිටි ගැබ්බර එළවැස්‌සියකගේ පිටුපස ගාත් දෙකම කපාගෙන ගොස්‌ ඉන් එකක්‌ උයා ආහාරයට ගත් පුද්ගලයෙක්‌ උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් උඩුගම කොණ්‌ඩගල වත්ත ප්‍රදේශයේම පදිංචි කුරුපනාව ගමගේ සුගත් නමැත්තා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එළදෙනගේ අයිතිකරු එච්. ජී. ජයසේන නමැති අය කළ පැමිණිල්ලකට අනුවය.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු අනුව එක ගාතයක්‌ සඟවා තිබියදී සොයා ගෙන ඇති අතර මියගිය එළදෙනගේ සිරුද කැලයක තිබී හමුවී ඇත.

සැකකරු 16 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර උඩුගම වැඩ බලන පොලිස්‌ ස්‌ථානාධිපති අතපත්තු මහතාගේ උපදෙස්‌ මත පො.කො. විඡේනායක මහතා වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails