Ads 468x60px

.

වංචා හා දූෂණ හෙළි කිරීමට වෙබ් අඩවියක්

රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි මහා පරිමාණයෙන් සිදුවන වංචා, දූෂණ සහ අක‍්‍රමිකතාවයන් කෙරෙහි මහජන අවධානය යොමුකිරීමේ අරමුණින් වෙබ් අඩවියක් ආරම්භ කරන බව ‘දූෂණ විරෝධි හඬ’ (Voice against Corruption - VAC) සංවිධානය කියයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව දන්වා සිටී.

එම වෙබ් අඩවිය අද (16) සවස 3.30ට ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී නිල වශයෙන් දියත් කිරීමට නියමිතය.

සමාරම්භක උත්සවයේදී හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා විසින් ‘වංචා හා දූෂණ පිටුදැකීමේදී සිවිල් සමාජය සතු කාර්යභාරය හා වගකීම’ යන මැයෙන් ප‍්‍රසිද්ධ දේශනයක්පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට විද්වතුන්, වෘත්තිකයන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිත අතර මේ සඳහා පැමිණෙන ලෙස මෙරට වංචා දූෂණයන්ට එරෙහි සියලූ ජනතාවගෙන් එම සංවිධානය ඉල්ලා සිටී.
 
Related Posts with Thumbnails