Ads 468x60px

.

දැරියක් කෙළෙසූ විදුලි කම්කරුවා රිමාන්ඩ්

අනුරාධපුර ප‍්‍රධාන පෙළේ බාලිකා විදුහලක ඉගෙනුම ලැබූ වයස අවුරුදු 15 ක දැරියක් කෙළෙසූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයෙකු ලබන 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහේස්ත‍්‍රාත් අතිරේක දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කළාය.
මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ අනුරාධපුර ගලේවෙල පාරේ, කටුකැලියාව ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

සැකකාර තරුණයා විදුලි බල මණ්ඩලයේ අනියම් කම්කරුවෙකි.

සැකකරු පසුගිය පාසල් නිවාඩුව ලබාදුන් අගෝස්තු 04 වැනිදා අදාළ බාලිකාව අසලට ගොස් මෙම දැරිය යතුරු පැදියක නංවාගෙන ඇලයායපත්තුව ප‍්‍රදේශයට රැගෙන ගොස් දැරිය කෙළෙසා ඇතැයි මෙහිදී පොලිසිය අධිකරණයට දැන්වීය.‍

පසුව ඇය මහනුවර ප‍්‍රදේශයට රැගෙනගොස් ටික දිනක් එහි නැවැතී සිට යළි පදිංචි ප‍්‍රදේශයට පැමිණීමෙන් පසුව මෙම තරුණයා අත්අඩංගුවට පත්ව තිබේ.


දැරියගේ පියා කළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගනු ලැබිණි.

මහේස්ත‍්‍රාත්වරිය විසින් දැරිය පරිවාස භාරයට පත් කළාය.
 
Related Posts with Thumbnails