Ads 468x60px

.

ජාත්‍යන්තර පාසලක සිසුවියක් කෙළෙසූ පිහිනුම් ගුරා සොයයි

කොළඹ ප‍්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක දැරියක් අපයෝජනයට ලක් කර එය වීඩියෝගත කළැයි සැක කෙරෙන එම පාසලේම පිහිනුම් පුහුණුකරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි සිසුවියක බව වාර්තා වේ.

සිසුවිය අපයෝජනයට ලක්ව ඇත්තේ සති අන්තයේ පිහිනුම් පුහුණුවීම් කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදීය.

සැකකාර පුහුණුකරුවා ආයතන කළමනාකාරීත්වයෙන් අවස්ථා කිහිපයක දී වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම් කර ඇති අතර, එය ප‍්‍රතික්ෂේපවීම හේතුවෙන් පළි ගැනීමට මෙය සිදුකර අතැයි පොලිස් මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ. සැකකරු හඳුනා ගැනීම සඳහා මහජන සහය අපේක්ෂාවෙන් ඔහුගේ අනන්‍යනතා පත‍්‍රයේ ඡායාරූපයක් මහජනතාවට ප‍්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරන බවපොලීසිය සඳහන් කළේය.
 
Related Posts with Thumbnails