Ads 468x60px

.

පාසල් සිසුවකුට ඇසැබි චිත්‍රපට පෙන්වා අතවර කළ විශ්‍රාමික හමුදා සෙබළා දැලේ

කෑගල්ල නගරයේ ප්‍රධාන පෙළේ මහා විද්‍යාලයක 10 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට අසභ්‍ය වීඩියෝ පටි ප්‍රදර්ශනය කරන ස්ථානයකට රැගෙන යාමට කාලයක් තිස්සේ කටයුතු කළ ත්‍රිරෝද රථ රියැදුරකු එම ශිෂ්‍යයා ලිංගික අපචාරයේ යොදවා ඇත.  
යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින මෙම රියැදුරා ද කෑගල්ල නගරයේ පදිංචි තිදරු පියෙකි. පසුගිය දිනෙක මේ ශිෂ්‍යයා පාසල් ගොස් නිවෙසට පැමිණීම ප්‍රමාද නිසා ඔහුගේ මව ඔහු සොයා නගරයට පැමිණ ශිෂ්‍යයා සොයා ගත නොහැකිව ඔහු දිනපතා ගමන් කරන බස්රථවලට දැනුම් දී ඇත.
මේ අනුව ක්‍රියාත්මක වූ බස්රථ රියැදුරන් එදිනම එම ශිෂ්‍යයා පිළිබඳව විපරම් කර ඇත. ශිෂ්‍යයා කෑගල්ලේ උදුගොඩ ප්‍රදේශයේ එක්තරා ස්ථානයක තිරෝද රථයක් තුළ සිටින අයුරු බස්රියේම සෝදිසි කිරීමට ගිය එම ශිෂ්‍යයාගේ මව දැක ඇත. එම මව විසින් බස්රථ රියැදුරාට ඒ ගැන පවසා මගීන් පිරිසද සමඟ බැස ශිෂ්‍යයා එම බස්රථයට නංවාගෙන ත්‍රිරෝද රථය සමඟ රියැදුරා කෑගල්ල පොලීසියට භාරදී ඇත.
 
පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම රියැදුරා ශිෂ්‍යයා හමුවන සෑම අවස්ථාවකදීම ඔහුට හොඳහැටි ආහාර පාන ලබාදී අනතුරුව මෙම අපචාර කටයුතු සඳහා යොදවා ගෙන ඇත. තවද මෙම රියැදුරා සෑම පෝය දිනකම කෑගල්ලේ ප්‍රසිද්ධ විහාරස්ථානයක සිල්සමාදන්වන උපාසකයෙකු බවද හෙළිවී ඇත.
 
මෙවැනි පුද්ගලයන්ගෙන් ස්වකීය දූදරුවන් ආරක්ෂාකර ගැනීමට මවුපියන් මෙන්ම පාසල් ප්‍රධානීන් සුපරීක්ෂාකාරීව සිිටිය යුතු බව පොලිසිය අවධාරණය කර සිටී.
.
 
Related Posts with Thumbnails