Ads 468x60px

.

පෙම්වතා විවාහකයකු බව දැනගත් පෙම්වතිය මුහුදට පැන දිවි නසා ගන්න හදලා

විවාහවීමට සිටි ප්‍රේමවන්තයා දෙදරු පියෙක් බව දැනගත් තරුණියක් මීගමුවේදී මුහුදට පැන සිය දිවි නසා ගැනීමට තැත් කිරීමේදී මීගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස සිය දිවි නසා ගැනීමට තැත් කර ඇත්තේ මඩකළපුව ඔට්ටවාඩු පන්සල් පාර පදිංචි අවුරුදු විසි එකක මුස්ලිම් තරුණියකි.
 
මෙම තරුණිය මීගමුව වැල්ලවීදිය අංක 15 පදිංචි වර්ණකුලසූරිය සුමින්ද ඩිලාන් යන අය සමඟ වර්ෂ තුනක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇත.
මෙම යුවල පසුගිය සිකුරාදා රාත්‍රී 7.30 ට පමණ මීගමුව ඒත්තුකාල වෙරළ තීරයේ සතුටු සාමිචියේ යෙදෙමින් සිට ඇත.
 
මොහොතකින් තරුණිය පේ‍්‍රම වන්තයාගෙන් මිදී මුහුදට පැනීමට තැත් කරන අයුරු එහි සිටි කීප දෙනකු දැක වෙරළ ආරක්ෂක පොලිස් නිලධාරීන්ට දන්වා තිබේ.
තම ප්‍රේමවන්තයා විවාහක දෙදරු පියකු බව දැන ගැනීම නිසා සිත් තැවුලට පත් තරුණිය මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සහ කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.
 
මීගමුව පොලිසියේ උපපොලිස් පරීක්ෂක රංජිත් මහතා මෙම දෙදෙනාව මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් සුවර්ණා පෙරේරා මහත්මිය වෙත ඉදිරිපත් කරමින් තරුණියව ඇප මත මුදා හැරීම සිදු කළ හොත් ඇය සිය දිවි නසා ගැනීමට බොහෝ දුරට අවකාශ ඇතැයි පැවසීය. යුවළ 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. පේ‍්‍රම වන්තයායි කියන තැනැත්තාගේ නීත්‍යානුකූල බිරිය සහ දියණියක්ද මේ අවස්ථාවේ අධිකරණයට පැමිණ සිටියහ.
 
Related Posts with Thumbnails