Ads 468x60px

.

සාරංගගේ පෙම්වතිය උමාලි

සිනමා, ටෙලි නළුවෙක් හා නිවේදකයෙක් වන සාරංග දිසාසේකරගේ පෙම්වතිය නැගී එන නිළියක්, නර්තන ශිල්පිනියක් හා ගායකාවක් වන ඉඳුනි උමාලි තිලකරත්න බව වාර්තා වේ.සාරංග, මෑතකදී ටැබ්ලොයිඞ් පුවත්පතකට පවසා තිබුනේ තමාගේ පෙම්වතිය දන්නා අය සිටින බවයි. (දන්නෝ දනිති)
උමාලි, මේවන විට ජපානයේ උසස් අධ්‍යාපනය ලබන බවත් පැවසේ.

සාරංගගේ හා උමාලිගේ විවාහයට තවත් වසර තුනහතරක් ගතවනු ඇතැයිවිශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය විය.

උමාලි සාරංගගේ ඥාති සොයුරියක් බවත් පැවසේ.

ඇගේ පවුලේ ව්‍යාපාරය රාජගිරිය ආසන්නයේ ස්ථානයක තිබෙන බව වාර්තා වේ.

උමාලි මුලින්ම රිදී තිරයට පිවිසියේ ‘රෝස වසන්තය’ චිත‍්‍රපටය තුළිනි.

රෝස වසන්තයෙහි චරිතමවන විට ඇයට වයස අවුරුදු 14 කි.

පසුව‘මදර් තෙරේසා’ චිත‍්‍රපටයේ මෑගී යන චරිතයටපණපොවනු ලැබුවාය. එය ඉතාලි ජාතිකයකු විසින් නිෂ්පාදනය කරනු ලැබූවකි.

ඇය උදයකාන්ත වර්ණසූරියගේ ‘ආසයි මං පියාඹන්න’ චිත‍්‍රපටයේ ‘පබළු’ ලෙස ද රගපෑවාය.

උමාලිගේ පළමු ටෙලි නාට්‍යවූයේ නදීෂාය.

සාරංග, ප‍්‍රවීන ගායකයකු වන නාරද දිසාසේකරගේ පුතනුවන්ය.

ඔහුගේ මව තිලකා රණසිංහ වන අතර ප‍්‍රවීන නළු ඩග්ලස් රණසිංහ සාරංගගේ මාමාය.







 
Related Posts with Thumbnails