Ads 468x60px

.

අයුතු වින්දනයක්‌ ලැබීමේ අරමුණින් කතුන් හා ගැමියන් බිය වැද්දූ 5 ක්‌ රක්‌ෂිතයට

අයුතු වින්දනයක්‌ ලැබීමේ අරමුණින් කාන්තාවන් හා ගම්මුන් බිය වැද්දූ පුද්ගලයන් 5 දෙනකු ලබන 26 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පොළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උපාලි ගුණවර්ධන මහතා නියෝග කළේය.
සිවිල් ආරක්‌ෂක කමිටු සාමාජිකයන්, ග්‍රාම නිලධාරීන් හා ගම්පොළ පොලිසිය එක්‌ව මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ගම්පොළ බෝවල හා පන්විලතැන්න යන ප්‍රදේශවලිනි.

කාන්තාවන් පමණක්‌ සිටින නිවෙස්‌වලට රාත්‍රි කාලයේ ගොස්‌ ජනෙල් හා දොරවල්වලට තට්‌ටු කිරීම, ගල් හා වැලි ගැසීම, නිවෙස්‌ අසල ඇති ජල කරාම ඇර දැමීම, නොයෙක්‌ ශබ්ද නැගීම ආදී විවිධ උපක්‍රම මගින් මිනිසුන් බියවැද්දීම මොවුන් විසින් කර තිබූ බව ලැබී ඇති පැමිණිලිවලින් අනාවරණය වී තිබිණි.

මෙලෙස ගම්පොළ, බෝවල හා රණවල යන ග්‍රාමසේවා වසම්වල නිවෙස්‌වල කාන්තාවන් බියවැද්දූ තරුණයන් 4 දෙනකු අල්ලාගෙන ඇත්තේ ග්‍රාමසේවක මහතා හා ගම්මුන් එක්‌ව පොලිසියේ සහයෝගයෙනි.

මෙම පුද්ගලයන් ගමේම පදිංචිකරුවන් වන අතර රාත්‍රි කාලයේ බීමත්ව අයුතු වින්දනයක්‌ ලැබීමේ අරමුණින් මේවා සිදුකර ඇති බව පරීක්‌ෂණවලින් හෙළිවී තිබේ.

පන්විලතැන්න ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මෙම ප්‍රදේශයට පැමිණ ඇත්තේ කුමන හේතුවකටද යන්න පිළිබඳව පරීක්‌ෂණ පැවැත්වෙමින් පවතී.

මේ අතර ගම්පොළ ප්‍රදේශයේ මරියවත්ත, ගම්පොළවෙල, සැන්කුවාර්වත්ත, පුස්‌සැල්ලාව, ගලත, මාවතුර, ආඩියා කඩවත ආදී ප්‍රදේශවලින් මෙවැනි සිද්ධි වාර්තා වුවද එම සිද්ධි වෙනත් කරුණු මුල්කර ගනිමින් ඒවා ග්‍රීස්‌ යකා පිට පටවන වරදවල් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙම නොසන්සුන්කාරී සිද්ධි නිසා ගම්පොළ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී රොෂාන් ප්‍රනාන්දු, ස.පො.අ. චූලනී වීරරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ගම්පොල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක චන්ද්‍ර ජයවීර මහතා ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ රැස්‌වීම් 30 කට අධික සංඛ්‍යාවක්‌ද පත්වා ඇත.

මෙම සිද්ධි සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වීම සඳහා පොලිස්‌ ස්‌ථානාධිපති චන්ද්‍ර ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක්‌ද පිහිටුවා ඇත.
 
Related Posts with Thumbnails