Ads 468x60px

.

මට ගහන්න එපා. මම මින්නේරිය කෑම්ප් එකේ - ග‍්‍රිස් යකා කියයි

පසුගියදා මින්නේරිය ජනපදයේ ඇලක් අසල දිය නාමින් සිටි කාන්තාවන් දෙස ත‍්‍රීවිලරයක් නවතා බලා සිටින පුද්ගලයෙකු දුටු සුනිල් තමා ගමන් ගත බයිසිකලේ වේගය බාල කරමින් ඔහුගේ මුහුණ දෙස බලා තමා ගිය ගමන එලෙසම ගමන් කළේය. ටික දුරක් යන විට

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සැක සිතුනු සුනිල්ට තම මිතුරෙකු සමග මෙම පුවත පවසා නැවත ඔහු සිටි ස්ථානය බලා ගමන් ගත්තේය.ඒ වන විට සවස 6.45 පමණ වූ අතර සුනිල් එතැනට පැමිණෙන විට ත‍්‍රීවිලර් රථය තිබුනත් අදාළ පුද්ගලයා එතැන නොසිටි හෙයින් වට පිට බැලූ විට දැක ඇත්තේ ඇලෙන් එගොඩ තිබෙන පාරක රැවුලක් වවාගත් පුද්ගලයෙකු ගමන් ගන්නා බවයි.

තමා පෙර දුටු පුද්ගලයාගේ ශරීර ඇග පසගින් සමාන වුවත් ඔහුට රැුවුලක් නොතිබුනේය. මේ හේතුව නිසාම සුනිල් හා ඔහුගේ මිතුරා අදාළ පුද්ගලයා පසුපස ගමන් ගත්තේය. ටික දුරක් ගමන් ගන්නා විට ඉදිරියෙන් යන පුද්ගලයා අසල තිබූ ගෙවත්තට ඇතුළු වූ අතර සුනිල් හා මිතුරා සැගවී සිට මොහුගේ ක‍්‍රියා කලාපය අධ්‍යනය කොට ඇති අතර මද වේලාවකින් අසල තිබූ නිවසේ ජනේලයක් අසලින් එහි ඇතුලත බලා ඇත. නාමින් සිටි කාන්තාවන්ගෙන් කිහිප දෙනෙකු පැමිණියේ මේ නිවසටය.

අදාළ සිදුවීම පසක් වූ සුනිල් හා ඔහුගේ මිතුරා සැනෙකින් අදාළ පුද්ගලයාට පසුපසින් ගොස් පහරක් ගැසීය. එකෙනෙහිම ඔහුගේ සපත්තුවෙහි සගවා ගෙන සිටි රම්බෝ වර්ගයේ පිහියකින් සුනිල්ට දමා ගැසීය. ඉන් මිදුනු සුනිල් පැන ඔහුගේ පිහිය සහිත අත අල්ලාගෙන පහරක් ගැසීය. මේ සමග අතේ තිබූ පිහිය විසිවී ගොස් ඇති අතර පසුව මෙම පුද්ගලයා සුනිල්ගේ කලිසමින් ඉහලට ඔසවා අසල තිබූ ගසක ගැසීමට සැරසෙනවාත් සමග තම වැල මිටි දෙකම උපයෝගී කොටගෙන රැුවුල සහිත පුද්ගලයාගේ හිසට පහරක් එල්ල කර ඇති අතර ගසක් වැටෙන්නාක් මෙන් රැුවුලා බිමට පතිත වූ අතර මේ වන විට ගමේ සියලූ දෙනා එතැනට එක්රැස්වී අදාළ පුද්ගලයාට පහර දී ඇත.

පහර කන අවස්ථාවේ දමාගෙන සිටි බොරු රැුවුල් ගැලවී ගොස් ඇති අතර ඔහු එම අවස්ථාවේ පවසා ඇත්තේ. ‘‘ මට ගහන්න එපා. මම මින්නේරිය කෑම්ප් එකේ කාලතුවක්කු අංශයේ සාජන්ට් කෙනෙක් බවයි’’ තවදුරටත් පහර දෙනු ලැබූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ ‘‘ මමත් එක්ක මේ වැඬේට තව 300ක් යොදවලා ඉන්නවා. හදිසි නීතිය ඉවත් කරන්න වෙනවට රටේ මිනිස්සු තුළ යළි භීෂණයක් නිර්මාණය කරන්න කියලායි මේ වැඬේ ප්ලෑන් කරලා තියෙන්නේ ’’ යැයිද ඔහු පැවසීය. කෙසේ නමුත් මේ වන විටත් දැඩි ලෙස පහර කා සිටි මේ පුද්ගලයා පසුව ගම්වාසින් විසින් මින්නේරිය පොලීසියට භාර දෙනු ලැබීය. කෙසේ නමුත් පසුදා පොලීසියට ගිය සුනිල්ට දැනගැනීමට ලැබුනේ ඔහු ඇප මත නිදහස් කර ඇති බවකි.
 
Related Posts with Thumbnails