Ads 468x60px

.

සෝභිතගේ අඩුව මැකීමට මර්වින් එයි

ගම්පහ, ඉඳිගොල්ල විජිත ප්‍රාථමික විද්‍යාලයේදී අද (17) උදෑසන අමාත්‍යය මර්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුනා.එහි අරමුණ වුයේ මහජන කටයුතු අමාත්‍යංශයේ කටයුතු පිලිබඳ ජනතාව දැනුවත් කිරීමයි. 
එහිදී තමාගේ අමාත්‍යංශය ඉතා පුළුල් අමාත්‍යාංශයක් බව අමාත්‍යවරයා පැවසුවේ තමාට විසඳිය හැකි ගැටළු ගණනාවක් ප්‍රකාශ කරමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා

"පාරක්ද, ඇලක්ද, දොලක්ද,උඩු ගුවනත් අයිතියි මේ අමාත්‍යංශයට.පවුල් ඒකකයත් අයිතියි.බිරිඳ තරහවෙලා ගියානම් කියන්න මට, මම ගෙනත් බාර දෙන්නම්.


පවුලේ අව්ලක් නම් කියන්න.ප්‍රේම සම්බන්ධයක් කඩා වටිලනම් කියන්න.කෝච්චියට බෙල්ල තියන්න වස බොන්න යන්න එපා.පෙම්වතා ගෙනවිත් දෙන්නම්.පෙම්වති ගෙනවිත් දෙන්නම්.

පෙම්වතා ගෙනත් දෙන්න ඉස්සෙල්ලා පෙම්වතාට කියන්න පෙම්වතියක් එක්ක ආශ්‍රය කරන්න තියෙන සුදුසුකම මොකද්ද කියල.ඒවා සමාජ සිරිත්.

පන්සලක ප්‍රශ්නයක් උනත් කමක් නෑ.සාමනේර හාමුදුරු නමක් සිවුර ගලවල යන්න හදනවනම් මම ගිහින් කතා කරන්නම්.

තවද එහිදී අදහස් දැක්වූ මර්වින් සිල්වා කියා සිටියේ එජාපයේ නායකයා එලවා දැමීමට සතයක් ග්‍රහයක් කරන පිරිස එලවා දැමීමට තමා සුදානම් බවයි.


එවැනි කටයුතුවලින් ලංකාවේ දේශපාලන සංස්කෘතිය විනාශ වෙන බවද අමාත්‍යයවරයා එහිදී කියා සිටියා.

මර්වින් සිල්වා අමාත්‍යවරයා තමාගේ අමාත්‍යංශය ගැන එසේ කිව්වද පසුගිය දිනවලදී ජනපති බිව් තේ කෝප්පයේ ඉතුරු ටික පවා බොමින් සිය පක්ෂග්‍රාහී බව පෙන්නුම් කල අමාත්‍යවරයා වෙනත් අමාත්‍යාංශයක් ඉල්ලා සිටි බව අපට වාර්තා වුනි.
 
Related Posts with Thumbnails