Ads 468x60px

.

විශාල අනතුරක් වැළැක්වූ පුංචි වීරයා ඇගයේ

බංගදෙනිය ආණමඩුව දුම්රිය හරස් මාර්ගයේදී පසුගිය 08 වන දින සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට කටයුතු කළ බංගදෙනිය මහ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සඳුනිල් සංකල්ප සිසුවාට පසුගියදා අධ්‍යාපන  ශිෂ්‍යත්වයක් ප්‍රදානය කොට ඇත.
ආණමඩුව දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව වසා නොමැති අවස්ථාවේදී මාර්ගය හරහා ගමන් කිරීමට පැමිණි ත්‍රී රෝද රථයක් සහ බස් රථයක් ගමන් කිරීමට ඉඩ නොදී ගේට්ටු වසා දමා  සිදුවීමට ගිය  විශාල විනාශයක් අදාල සිසුවා විසින් නවතා තිබේ.

මෙම වීර ක්‍රියාව අගය කිරීමක් වශයෙන් ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යංශයේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මෙම සිසුවාට  මසකට රුපියල් 1000 බැගින් වසර පහක් දක්වා ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කර ඇති අතර රුපියල් 25000ක මුදල් පරිත්‍යාග‍යක් සහ පාසල් උපකරණ කට්ටලයක්ද පිරිනමා ඇත.

එසේම ඔහුගේ මවට ද ස්වයං රැකියාවක් කරගෙන යාම සදහා අවශ්‍ය උපකරණය මෙම අවස්ථාවේ දී ලබාදුන් බව වාර්තා වේ.
 
Related Posts with Thumbnails