Ads 468x60px

.

වඩේ සමඟ ඇණේ කෑවානම් ලෙඩේ

පසුගිය "නිකිණි පෝදා" කැලණිය නගරයේ වඩේ අලෙවි කරන වෙළෙන්දකුගෙන් ගත් වඩයක යකඩ ඇණයක්‌ තිබී හමුවී ඇත. එම වඩය මිලදී ගෙන ඇත්තේ කුඩා දරුවෙකි.
එම වඩය ආහාරයට ගත් දරුවාට යමක්‌ තදට හැපෙනු දැනී එය පරීක්‌ෂා කිරීමේදී මළ බැඳුණු යකඩ ඇණයක්‌ එහි ඇති බව පෙනී ගොස්‌ දෙමාපියන්ට පෙන්වා ඇත. පොහෝ දිනට ක්‌ෂණික ලෙස ආහාර නිෂ්පාදනය කර එවලේම අලෙවි කරන වෙළෙන්දන් කැලණිය විහාරය අවට මාර්ග අසල දක්‌නට ලැබේ. මෙවැනි ආහාර වර්ග පිළිබඳව මෙන්ම ඒවායේ පිරිසිදු බව, ගුණාත්මක බව පිළිබඳවද සෞඛ්‍ය බලධාරීන් මීට වඩා විමසිලිමත් විය යුතු බව ප්‍රදේශවාසීහු පවසති.
 
Related Posts with Thumbnails