Ads 468x60px

.

ජනාධිපති මැදිහත්වී මර්වින් ගෙදර කැඳවාගෙන එයි

පසුගිය දින කිහිපය තුළ ගෙදර නොගොස් පවුලේ අයගේ දුරකථන ඇමතුම්වලට පවා පිලිතුරු නොදී මහනුවර ප‍්‍රදේශයේ පබාගේ හිටපු සැමියා මහේෂ් සමග නවාතැන් ගෙනවුත් මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (17) උදෑසන ජනාධිපතිවරයා මැදිහත්වී නැවතත් නිවස වෙත යවා තිබේ.
අද උදෑසන මර්වින් සමග දුරකථනයෙන් සම්බන්ධ වූ ජනාධිපතිවරයා මර්වින් හට පවසා ඇත්තේ වහා ගෙදර ගොස් හැඳ පැළද ගෙන අද හැන්දෑවේ පැවැත්වෙන සතියේ කැබිනට් රැස්වීමට පැමිණෙන ලෙසයි.

මර්වින් හට දුරකථනයෙන් දොස් පවරා ඇති ජනාධිපතිවරයා ‘‘මොනවද මර්වින් මේ කරන වැඩ මගේ ඉන්න විශ්වාසදායකම මිනිහා තමුසේ........ මහනායක හාමුදුරුවරු පවා මට කියනවා මර්වින් ඇමතිතුමා හොද මනුස්සයෙක් කියලා. සමහර විට මම තමුසෙට අගමැතිකම දෙන්නත් පුලූවන් වේවි. ඒත් බලනවා තමුසේ මේ කරන වැඩ........ රනිල්ලට මංගලලට බැන්නට තමුසෙත් ඒ බෝට්ටුවෙනෙ. තමුසෙව කපන්න ඉන්න එවුන්ට තමුසෙ උඩගෙඩි දෙනවා. පිස්සුවිකාර නවත්වලා ගෙදර යනවා. කැබිනට් එක ඉවරවෙලා මාව හම්බවෙනවා’’ යනුවෙන් ජනාධිපතිවරයා පැවසූ විට මර්වින් ඇමතිවරයා පවසා ඇත්තේ ‘‘පිස්සුද සර් මම මේ වෙන වැඩවගයකට මහේෂ් මල්ලිත් එක්ක නුවර ආවේ. මං අද ගෙදර යනවා. මේවා මේ අසමජ්ජාති වෙබ්සයිට් කාරයින්ගේ වැඩ. සිරසට මම දුන්නගේම  ඕකුන්ටත් අඹරන්නම්කෝ’’ යනුවෙනි.

වාර්තාවන අන්දමට මේ වේලාව වනවිට මර්වින් ඇමතිතුමා මහනුවර සිට කොළඹට පැමිණ ඇත.
 
Related Posts with Thumbnails