Ads 468x60px

.

ආයුර්වේද සම්භාහනය මුවාවෙන් ගණිකා මඩමක්‌ පවත්වලා :වෛද්‍යවරියකුත් අත්අඩංගුවට

නුගේගොඩ, නාවල, කොස්‌වත්ත ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ පෙරේදා (16 වැනිදා) සවස වැටලූ නුගේගොඩ කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය, ගණිකා නිවාසයේ හිමිකාරිනිය, ආයුර්වේද වෛද්‍යවරියක සහ ගණිකා වෘත්තියේ නියෑලුණු බව කියන කතුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

නුගේගොඩ කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය අලුත්කඩේ අංක 4 මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට පත්වූවන් කෑගල්ල, තලංගම, රාජගිරිය, මැල්සිරිපුර, මාස්‌පොත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

මෙම ගණිකා නිවාසයට වැඩි වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් හා වෙනත් පුද්ගලයන්ද පැමිණ ඇතැයි හෙළිවී ඇත.

නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ නුගේගොඩ කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිනී කාන්තා පොලිස්‌ පරීක්‍ෂක අනෝමා දිසානායක මහත්මියගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් රත්නායක, පොලිස්‌ සැරයන් සමන් (13696), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන කරුණාරත්න (36416), ශාමික (75665), උපුල් (82629), ශ්‍රීමාල් (88403) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.
 
Related Posts with Thumbnails