Ads 468x60px

.

යාපනයෙන් ළමා අපචාර සිද්ධි 82 ක්

මේ වසරේ පළමු මාස පහ තුල යාපන දිස්ත‍්‍රක්කයෙන් ළමා අපචාර සිද්ධීන් 82 ක් වාර්තාවී ඇතැයි යාපනය දිස්ති‍්‍රක් දිසාපති කාර්යාල වාර්තාවේ දැක්වේ.කෙසේවුවද පසුගිය කාලයේදී විවිධ අනතුරු හේතුවෙන් ළමුන් 174 දෙනෙකුට ප‍්‍රතිකාර ලබාදී ඇතැයිපැවසේ.

යාපන දිස්ත‍්‍රක්කය තුළ තිබෙන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 තුළ ළමුන් 204,388 දෙනකු සිටින අතර, ඉන් පියා අහිමිවූ ළමුන් 6,118 ක්ද, මව අහිමිවූ ළමුන් 1,625 ක්සිටින බවද එම වාර්තාව හෙලිකර තිබේ.
මේ අතරින් ළමුන් 417 ක් සඳහා මව හා පියා යන දෙදෙනාම අහිමිව ඇතැයිපැවසේ.

මොවුන් අතරින් ළමුන් 1,413 දෙනෙකු ළමා නිවාසවල රැදී සසිටින බවවාර්තා වේ.

තවත් ළමුන් 114 දෙනෙකු තම උප්පැන්න සහතිකයද නොමැතිව සිටින බවත්, උප්පැන්න සහතිකය අහිමිවූ ළමුන් වැඩි පිරිසක් මරුදන්කර්නි ප‍්‍රදේශයේ ජීවත්වන බවත් පැවසේ.
 
Related Posts with Thumbnails