Ads 468x60px

.

මේනකා නිසා නැට්ටුවෙක් මැරෙන්න ගිහින්

ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් හි නර්තන ශිල්පියෙක් එම තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් වන මේනකා පීරිස් නිසා මියයාමේ අවදානමකට ලක්වූ බව වාර්තා වේ.එම තරගාවලියේ අවසන් වටයට පෙර වටයකදී මෙම නර්තන ශිල්පියා අදාළ අවදානමට ලක්ව තිබේ.

මේනකා වෙනුවෙන් ඇගේ නර්තන අංගයකට පෙනී සිටීමට ඔහු වේදිකාවේ උස් ස්ථානයක සිට කම්බියක් ආධාරයෙන් වේදිකාව මතට බැසීමේ දර්ශනයකට පෙනී සිටීමට යාමෙන් අදාළ අවදානමට ලක්ව ඇත.

එම නර්තන ශිල්පියා අදාළ උස් ස්ථානයට නැගීමෙන් පසුව සිහිසුන්වීම හේතුවෙන් මෙම අවදානමට ලක්ව තිබේ.

එම දර්ශනයට පෙනී සිටීම මේනකා විසින් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම නර්තන ශිල්පියා ඊට ඉදිරිපත්වූ බව ද පැවසේ.

ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් හි මුල්වටවල තරග කරුවන් හා තරග කාරියන්ගේ නර්තන ජවනිකා රූගත කරනු ලැබුවේ ටෙලි නාට්‍යක රූගත කිරීමේ ආකාරයටය.

මෙම වැඩසටනේ විනිශ්චය ලබාදෙනු ලැබුවේ ද සජීවී නර්තනය නැරඹීමෙන් නොවන අතර,අදාළ නර්තනය විනිශ්චය කරනු ලැබුවේ ද පටිගත කිරීමෙන් පසුව සංස්කරණය කරණ ලද දර්ශනවලිනි.

නොඑසේ නම් විනිසුරුවන් මෙම තරගයේ විනිශ්චය ලබාදෙනු ලැබුවේ පටිගත කර සංස්කරණය කළ නැටුම් ජවනිකාවක් නැරඹීමෙන් පසුවය.

මෙම තරගයේ තරඟකාරියක් වූ චූලා පද්මේන්ද්‍ර කඩින් කඩ කරනු ලබන නර්තන ජවනිකා කිහිපයක්  සංස්කරණය කිරීමෙන් පසුව සකස් කරනු ලබන ගීත ජවනිකාවකින් නර්තන ශිල්පියාට අමතරව සංස්කරණ ශිල්පියාගේ දස්කම්ද මතු වන බවට මීට පෙර චෝදනාකර තිබිණි.
 
Related Posts with Thumbnails