Ads 468x60px

.

අලව්වේ තරුණයා පොළොව යට පැය 3ක් ගතකර වාර්තාවක්

පැය 3 විනාඩි 45 ක් පොළව යට සිට මහා වීර ක්‍රියාවක් කර ගිනස් වාර්තාවක් තැබූ අලව්ව කැප්පිටිවලානේ රුජිත් කුමාර ජයසිංහ මහතා අලව්ව පාලම අසලදී පිළිගැනිණි. අඩි 3 ක් ගැඹුරු අඩි 6 ක් දිග වළට බසින ජයසිංහ මහතා වළ මත ලෑලි තට්ටුවක් දමා පස් වලින් වැසීමෙන් පසු පුරා පැය 3කුත් විනාඩි 45 ක් වළ ඇතුලේ සිටී.
වළ මත ගිනි මැලයක්ද ගසනු ලැබේ. රුජිත් කුමාර ජයසිංහ මහතාගේ වයස අවුරුදු 39 කි. හෙතෙම දෙදරු පියෙකි. ඔහු මෙම වීර ක්‍රියාව කරන ලද්දේ පල්ලෙවෙල වල්බෝලාන පිරිවෙන් විහාරස්ථානයේදීය.



මෙම පිළිගැනීමේ අවස්ථාවට සහභාගි වූ අලව්වේ පාලම අසල ශ්‍රී බෝධිරාජ විහාරාධිපති ගල්ගමුවේ රතනසාර හිමියෝ - අද කවුරුත් වීරකම් කරන්නේ පොළොව මතුපිට සිටයි. පොළොව යට සිට කරන මෙම වීර ක්‍රියාව ලංකාව පමණක් නොවෙයි මුළු ලෝකයම මවිත වෙන ක්‍රියාවක්. පොළව යට මිහිදන් කරන කෙනෙක් ආයේ කවදාවත් නැගිටින්නේ නැහැ. නමුත් ජයසිංහ මහතා පැය 3 කුත් විනාඩි 45 කට පසු නැගිටිනවා.

ජයසිංහ මහතා පිළිගනිමින් කතා කළ අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතා මෙම වීර ක්‍රියාව අලව්ව ප්‍රදේශයට පමණක් නොව මුළු රටටම ආඩම්බරයට කරුණක් යැයි කීය. මෙය ගිනස් වාර්තා පොතට ඇතුළත් කිරීම සඳහා අදාළ පරීක්ෂණ පැවැත්වීමට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍ය අධ්‍යක්‍ෂ ගීතාංජන මෙන්ඩිස් මහතා වෙත ජයසිංහ මහතාගේ සියලු විස්තර ඉදිරිපත් කර ඇත. අලව්ව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මොහාන් වික්‍රමනායක මහතාද මෙම අවස්ථාවට එක් විය.
 
Related Posts with Thumbnails