Ads 468x60px

.

නාසා චන්ද්‍රිකාව තව පැය කිහිපයකදී පොළොවට.

වසර 30කට පසු පෘතුවියට කඩා වැටෙන විශාලතම අභ්‍යාවකාශ අපද්‍රව්‍ය තොගය ඉදිරි පැය කිහිපය තුළ මහපොළවට පතිත වනු ඇති. නාසා ආයතනයේ විසි වසරක් පැරණි උවාස් චන්ද්‍රිකාවයි මෙලෙස පෘතුවි වායුගෝලයට අද (24) ඇතුළු වන්නේ. එය අද (24) සන්ධ්‍යාවට පෙර කැනඩාව, අප‍්‍රිකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ප‍්‍රදේශයකට කඩා වැටෙනු ඇති බවයි නාසා ආයතනය ප‍්‍රකාශ කළේ.


එමෙන්ම මෙම චන්ද්‍රිකාවේ සුන්බුන් පැසිෆික්, අත්ලාන්තික් හෝ ඉන්දියානු සාගරයට කඩා වැටීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. 1979 වසරේ දී ඇමරිකානු ස්කයිලැබ් අභ්‍යාවකාශ පරීක්ෂණාගාරය බටහිර  ඕස්ටේ‍්‍රලියාවට කඩා වැටීමෙන් පසු පෘතුවියට පතිත වන විශාලතම චන්ද්‍රිකාව මෙයයි. පෘතුවි වායුගෝලයට ඇතුළුවීමේදී කැබලි 26කට පමණ කැඞී බිදී යන උවාස් චන්ද්‍රිකාවේ කිලෝග‍්‍රෑමයේ සිට කිලෝග‍්‍රෑම් 158 දක්වා බරැති කොටස් පෘතුවියට පතිත විය හැකියි.

කෙසේ නමුත් එමගින් මහපොළොවේ සිටින කිසිවෙකුට අනතුරක් සිදුවීමේ අවධානම අවම බවයි නාසා ආයතනය ප‍්‍රකාශ කළේ. ගිනිගෙන දැවෙන හෝ බිම වැටී පිපිරෙන අභ්‍යාවකාශ යානා කොටස් පිළිබඳව ජනතාව තුළ ඇත්තේ මිථ්‍යා මතයක් බව නාසා ආයතනය සඳහන් කළා. පෘතුවියට සැතපුම් 20ක් තිබියදී ඒවායේ උණුසුම අඩු වන අතර පොළොවට පතිත වන්නේ සිසිල් ද්‍රව්‍ය කොටස් ලෙසයි. කෙසේ වෙතත් සිය රටේ උතුරු ප‍්‍රදේශයට මෙම චන්ද්‍රිකාවේ කොටස් පතිතවීමේ සියයට 1.5ක අවදානමක් පවතින බව පවසන ඉතාලිය, අද (24) දිනය තුළ නිවෙස් වලට වී සිටින ලෙස විශේෂයෙන් උතුරු ඉතාලියේ ජනතාවට දැනුම් දී තිබෙනවා.

නාසා ආයතනය පවසන්නේ අභ්‍යාවකාශ ගවේෂණ ආරම්භ කොට 50 වසරක් ගත වුවද කඩා වැටෙන අභ්‍යාවකාශ අපද්‍රව්‍ය වලින් මිහිපිට කිසිවෙකු මෙතෙක් අනතුරකට ලක්වී නොමැති බවයි. කෙසේ නමුත් ටොන් 6ක් බරැති උවාස් චන්ද්‍රිකාවේ කොටස් පොළොව මත පතිත වන තුරු අභ්‍යාවකාශ විද්‍යාඥයන් දැඩි අවධානයෙන් පසුවනු ඇති.




 
Related Posts with Thumbnails