Ads 468x60px

.

රට සංවර්දනය කරන්නේ යාචකයන් ඝාතනය කරලද?

පදිකවේදිකාවල ලැගුම් ගන්නා යාඩකයන් මරා දමන්නේ සංවිධානාත්මක කල්ලියක් දැයි පොලිසියට සැකයක් මතුව අතැයි වාර්තා වේ.පසුගිය කාලයේදී මෙලෙස හිසට පහරදී මරා දැමුණු යාචකයන් ගණන 20 ඉක්මවන බවපැවසේ.


මෙලෙස ඝාතනය වූ යාචකයන්ගේ ඝාතකයන් සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් මෙතෙක් ලබා ගැනීමට පොලිසියට නොහැකිවී අතැයිවාර්තා වේ.

මේ පිළිබඳ තොරතුරු සෙවීමට රජයේ බුද්ධි අංශ ද යොදවා අතැයි පැවසේ.
මෑතකදීම මෙලෙස යාචකයෙක් ඝාතනයට ලක්වූයේ පසුගිය 23 වැනිදාය.

කිරිබත්ගොඩ නගරයේ එම්.ඩී. ගුණසෙන පොත් මැදුර ඉදිරිපිට නිදා සිටි මෙම යාචකයා ඝාතනයට ලක්ව තිබුණේ හිසට එල්ලවූ දරුණු ප‍්‍රහාරයකිනි.

මේ වන විට පෑලියගොඩ ප‍්‍රදේශය ආශි‍්‍රතව පමණක් යාචකයෝ හය දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.
 
Related Posts with Thumbnails