Ads 468x60px

.

මර්වින්ට ආචාර්ය උපාදිය ලැබුනේ කෙසේදැයි මර්වින්ම හෙලිකරයී


ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයාට ආචාර්ය පදවියක් තිබුනත් එය ලැබුනේ කෙසේදැයි කිසිකෙනෙකු දැන සිටියේ නැහැ.මාධ්‍යයට රහසක්ව තිබුණු එය අමාත්‍යවරයා විසින් රසදුන ටැබ්ලොයිඩ් පුවත්පත වෙත හෙළි කර තිබෙනවා. ඒ මෙසේයි ඔබතුමාට ලැබුණු ආචාර්ය උපාධිය ගැන මාධ්‍ය මඟින් දැනුම්වත් කැර නෑ.කොහොමද ? ඔබට ආචාර්ය උපාධියක් ලැබුණෙ ? 
 
මං පසුගිය කාලයේ දොස්තර ඇන්ටන් ජයසූරිය කටු චිකිත්සාව පිළිබඳ ලොකුම දොස්තර සමඟ සාකච්ඡා වට කීපයක් පැවැත්වුවා. ඉතිහාසය, දර්ශනය, සමාජ විද්‍යාව, කටු චිකිත්සාව, සංස්කෘතිය,බුදුදහම, ආයුර්වේදය මේ හැම දෙයක් ගැනම සාකච්ඡා කළා.

මේ සාකච්ඡාවලදි එතුමාත් දොස්තර ගීතාංජන මෙන්ඩිස් මහත්තයත් දොස්තර අශෝකාත් තේරුම් ගත්ත මා විවිධ විෂයයන් සම්බන්ධයෙන් ප්‍රඥාගෝචර බව. ඉස්කෝලෙ සහතිකේ එකක්. ප්‍රඥාව පිළිබඳ සහතිකය තව එකක්. චීන කටු චිකිත්සාව පිළිබඳ ඉතිහාසය මා ඒ අයට කියා දෙන විට ඔවුන් ඇසුවා ඔබ කොහින්ද මේ තරම් දැනුමක් ලැබුවෙ කියල.

මා කීවා මැදමුලන වලව්වේ ඩී.ඒ.රාජපක්ෂයන් ඇසුරේ ඒ සම්භාවනීය පිරිස් මැද ජීවත් වන කාලේ ඉඳන්ම මාත් පොතපත කියෙව්වා. සාකච්ඡා සම්මන්ත්‍රණවලට ගියා, දැනුම ලැබුවා කියලා. මගේ යම් බලාපොරොත්තුවක් තිබුණේ නෑ මෙවැනි උපාධියක් ගැන. ඒත් දොස්තර ගීතාංජන මෙන්ඩිස් ප්‍රමුඛ ඒ කණ්ඩායම දොස්තර ඇන්ටන් ජයසූරිය වෙතින් මට ආචාර්ය උපාධිය පිරිනැමුවා.
මා ආචාර්ය උපාධි හොයාගෙන ගියේ නෑ. ආචාර්ය උපාධිය මා සොයාගෙන ආවා.
 
Related Posts with Thumbnails