Ads 468x60px

.

සුහද එකගතාවයකින් මේරියන්ස් නලින් දික්කසාද වෙන්න යයි ?

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා සිය බිරියගෙන් දික්කසාදවීමට සූදානමින් සිටින බව වාර්තා වේ. නලින් මේ වනවිට සිය මීගමුව, තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේ පිහිටි සිය නිවස අත්හැර නුගේගොඩ තාවකාලික නවාතැන් පලකට පැමිණ ඇතැයිපැවසේ.


මොවුන් මෙලෙස වෙන්වීමට තීරණය කර ඇත්තේ සුහද එකගතාවයකින් පසුව බවවාර්තා වේ.නලින් දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.මේරියන්ස් සංගීත කණ්ඩායම ආරම්භ වූයේ 1988 වසරේදීය.මීගමුව ශාන්ත මරියා මහ විදුහලෙන් පාසල් අධ්‍යාපනය නලින් කණ්ඩායම් සංගීතය පිවිසියේ පාසලේ තිබූ ගීත ගායනා තරගයකට සංගීතය සැපයීමට කීපදෙනෙක් සමග එක්ව සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමත් සමගය. පසුකලෙක මේරියන්ස් බවට පත්වූයේ එම සංගීත කණ්ඩායමය.

නලින්ට, සන්ෆ්ලවර්ස් නායක නීල් වර්ණකුලසූරිය විශාලවශයෙන් සහය දැක්වූ බවපැවසේ. මේරියන්ස් මුල්ම සංගීත ඇල්බමය පිටවූයේ ”මේරියන්ස් සංගීත නාදය” නමිනි. කෙසේවුද නලින් මේරියන්ස් බිහිවීමට පෙර ‘ඒන්ජල්’ නම් සංගීත කණ්ඩායමේ ගීත ගායනා කර තිබිණි.ඔහු එකළ වැඩි වශයෙන් ගායනා කරනු ලැබුවේ සී. ටී. ප‍්‍රනාන්දුගෙ ගීත බවපැවසේ.

‘අංජලිකා’ නලින්ගේ වඩාත් ජනපි‍්‍රයම ගීතය වේ. මර්වින් මිහිඳුකුල මේ ගීතය නිර්මාණය කිරීමට හවුල්වූ බව පැවසේ. එහි පද රචනය කර ඇත්තේ කුමාර පෙරේරාය.ඔහු නිවේදකයෙක් ලෙස සිරස රූපවාහිනියේ ‘‘කාගෙද ගී නද” වැඩසටහන වසර 12 කට ආසන්න කාලයක් මෙහෙයවමින් ජනපි‍්‍රයත්වයට පත් විය.
 
Related Posts with Thumbnails