Ads 468x60px

.

ඊයේ (24) උදෑසන පෘථිවියට කඩා වැටුණු චන්ද්‍රිකාවේ සුන්බුන් තවමත් හමු වී නැ

ඇ‍මරිකානු නාසා ආයතනය මගින් කඩා වැටෙනු ඇතැයි පවසා තිබූ  චන්ද්‍රිකාවේ සුන්බුන් තවමත් හමු වී නැතැයි එම ආයතනය පවසයි.
අමෙරිකානු ජාතික ගඟන හා අභ්‍යවකාශ පාලනාධිකාරිය විශ්වාසය පල කරන්නේ මෙහි සුන්බුන් පැසිෆික් සාගරයට පතිතවන්නට ඇති බවයි.

එම චන්ද්‍රිකාව කඩා වැටීම මගින් ජීවිත හානි සිදුවීමේ අවදානම 3200කට 1ක් බව නාසා ආයතනය ප්‍රකාශ කළේය.

ඔවුන් පවසන්නේ, කිලෝ මිටර් 400ත් 500ත් අතර ප්‍රදේශයක් පුරා චන්ද්‍රිකාවේ සුන්බුන් පතිත විය හැකි බවයි.1991 වසරේදී ඩිස්කවරි ෂටලය මගින් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කරනු ලැබුවේ, පෘථිවි වායු ගෝලය පිළිබඳව සහ ඕසෝන් වියන පිළිබඳව අධ්‍යනය කිරීම සඳහායි. මෙම චන්ද්‍රිකාවේ ඵලදායි ආයු කාලය 2005 වසරේදී අවසන්  වී ඇත.

නාසා ආයතනය ජනතාවට අනතුරු අඟවා ඇත්තේ, එම චන්ද්‍රිකාව කඩා වැටීම මගින් පොළවට පතිත විය හැකි සුන්බුන් කොටස් ඇල්ලීමෙන් වළකින ලෙසයි.

1991 වසරේදී ඩිස්කවරි ෂටලයෙන් අභ්‍යවකාශගත කළ ටොන් 6ක බරකින් යුත් යූ.ඒ.ආර්.එස්. චන්ද්‍රිකාව ඊයේ උදෑසන පෘථිවියට කඩා වැටුණි.
 
Related Posts with Thumbnails