Ads 468x60px

.

අත්ලාන්තික් හරහා නාසා චන්ද්‍රිකාවේ සුන්බුන් ඇමරිකාවටම.

නාසා ආයතනය මගින් ඉහල වායුගෝලයේ තොරතුරු ගවේෂණය සඳහා යවනු ලැබූ වසර 20 ක් පැරණි චන්ද්‍රිකාවේ කොටස් ඊයේ (24) නැවතත් මහ පොළව වෙත පතිත වුණා. ඊයේ දහවල් කාලය තුල එය කැලිෆෝනියාවට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත වූ බවයි නාසා ආයතනය ප‍්‍රකාශ කළේ.
බස් රථයක් තරම් වූ ටොන් 06 ක් බරැති චන්ද්‍රිකාව කැලිෆෝනියා මුහුදට පතිතවීමට පෙර අපි‍්‍රකාව සහ උතුරු අත්ලාන්තික් ප‍්‍රදේශය හරහා ගමන්කර තිබෙනවා. එහි කොටස් පතිත වීම හේතුවෙන් කිසිදු හානියක් සිදු වූ බවට තොරතුරු ලැබී නොමැති බවයි නාසා ආයතනය සඳහන් කළේ.

 
Related Posts with Thumbnails