Ads 468x60px

.

භද්‍රකාලී පූජාව වෙනුවට සොහාන්කාලී පූජාවක් පවත්වා සතුන් බිලිදීලා

මුන්නේෂ්වරම් ශ‍්‍රී භද්‍රකාලී අම්මාන් කොවිලේ සත්ව බිලි පූජාව අත්හිටුවමින් අධිකරණය දුන් නියෝගයක් අනුව එහි චාරිත‍්‍රානුකූල බිලි පූජාව නොපැවැත්වුනු නමුත් නුදුරින් පිහිටි සොහොන්කාලී කෝවිලේ ආවරණය කරන ලද කුටියකදී සත්ව බිලි පූජාවක් පවත්වා ඇතැයි දැනගන්නට ලැබේ.

මෙහිදී එළුවන් අට දෙනෙක් සහ කුකුළන් විශාල ගණනක් මරා දමනු ලැබ තිබේ. මෙසේ මරා දැමූ සතුන් දේවාලය පුටුපසදී ආහාරය සඳහා පිසීමට කටයුතු සූදානම් කොට තිබූ අතර මාධ්‍යවේදීන්ට මේ ස්ථානයට ඇතුළු වීමට රැස්ව සිටි පිරිස් විසින් ඉඩ දී නැත.

සත්ව බිලි පූජාව පැවැත්වීම සඳහා භද්‍රකාලී අම්මාන් දේවාලය ඉදිරිපිට තහඩු සකස්කර තිබූ නමුත් අධිකරණ නියෝගය නිසා එහි සත්ව ඝාතනය සිදු නොකෙරිනි.
 
Related Posts with Thumbnails