Ads 468x60px

.

කුඩා චිප් නිපදවීමට ඉන්ටෙල්, ගූගල් එක්වේ

පරිඝණක චිප් නිෂ්පාදන කරන දැවැන්තයෙකු වන ඉන්ටෙල් සමාගම, අන්තර්ජාලයේ දැවැන්තයෙකු වන ගූගල් සමාගම හා හවුල් ගිවිසුමකට එක්ව ඇති බව වාර්තා වේ. ඉන්ටෙල් සමාගම, පරිඝණක හා සර්වර් අංශ වල චිප් නිෂ්පාදනයේදී ඉදිරියෙන්සිටියද, කුඩා අඩු විදුලිය ධාරාවකින් කි‍්‍රයා කරන චිප් නිෂ්පාදනයේදී පසුබෑමකට ලක්ව සිටියි.


මේ දින වල ජංගම දුරකතන හා ටැබ්ලට් පරිඝණක සඳහා ඉහළ ගොස් ඇති ඉල්ලූම හමුවේ ගූගල් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සාර්ථක වෙමින් පවතියි.

ගූගල් හා එක්වීමෙන් අඩු විදුලි ධාරාවක් භාවිතා කරමින් අඩු උෂ්ණත්වයක් පිටකරන කුඩා චිප් නිපදවීමට ඉන්ටෙල් සමාගමට හැකිවනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.
 
Related Posts with Thumbnails