Ads 468x60px

.

ක්‍රිකට් පිලත් දෙකඩ වේ

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දෙපිලකට බෙදී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.මෙම අර්බුදය නිර්මාණය කර ඇත්තේ වත්මන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ කළමනාකරුවා වන රොෂාන් අබේසිංහ හා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් දෙදෙනෙකු හා හිටපු නායකයන් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනගේ කළමනාකරුවා වන චාලි ඔස්ටින් විසින් බව ද පැවසේ.
මොවුන්ගේ ව්‍යාපාරික හේතූන් මත ඔවුන් කළමනාකාරුවන් ලෙස පෙනී සිටින කී‍්‍රඩකයන් පාවිච්චි කිරීමට යාමෙන් මේ තත්ත්වය ඇතිව ඇති බව ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළිවේ. එසේම ශී‍්‍ර ලංකා කණ්ඩායමට පුහුණුකරුවන් බුරුත්තක් යෙදීම ද අදාළ තත්ත්වයට වක‍්‍රව බලපා තිබෙන බව ද පැවසේ.මේ හේතූන් මත පුහුණකරුවන්ට කී‍්‍රඩකයන් පාලනය කළ නොහැකිවී ඇති අතර ම ඔවුන් පුහුණුවීම් වල යෙදෙන්නේද තම කළමනාකරුවන්ගේ උපදෙස් මත බව ද වාර්තා වේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ ප‍්‍රධාන පුහුණුකරුවා වන රුමේෂ් රත්නායකට දක්‍ෂ කී‍්‍රඩකයන් තැනීමේ හැකියාව තිබුණ ද ඔහු අභියෝගයන් මැද කණ්ඩායමක් ජයග‍්‍රහණයට ගෙනයා හැකි පුහුණුකරුවෙකු නොවන බව ක්ෂේත‍්‍රයේ මතයවී තිබේ.එසේ හෙයින් ඔහුට ශී‍්‍ර ලංකා පිලේ වත්මන් මත ගැටුම විසඳා ගැනීමේ හැකියාවක් නැතැයි ද පැවසේ.කෙසේවවුද ශී‍්‍ර ලංකා පිලේ වැඩි බලය අල්ලාගෙන සිටින්නේ චාලි ඔස්ටින් බවත්, ඔහු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වැඩි ගණනක් පාලනය කරන බවත් වාර්තා වේ. සමස්ත කි‍්‍රකට් පිටිය තුළම ඔහු කළමනාකරු වශයෙන් පෙනී සිටින කි‍්‍රකට් කී‍්‍රඩකයන් ගණන 20 කට වැඩි බව ද කියවේ.

ඩිල්ෂාන් නායකයා වූවද ඔහුට එවැනි ශක්තිමත් කණ්ඩායමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල අභ්‍යන්තරයේ තනා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔහු ඉතා අසරණව සිටින බව ද කණ්ඩායම් අභ්‍යන්තර ආරංචිවලින් වාර්තා වේ.ශී‍්‍ර ලංකාවට රස්සාවක් සොයාගෙන ආ චාලි ඔස්ටින් මේ වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම පාලනය කිරීමට සමත්වීම දෛවයේ සරදමක් බව කි‍්‍රකට් ප‍්‍රවීනයෝ කියති.එංගලන්ත පුවත්පත්වලට කි‍්‍රකට් ලිපි සැපයූ බව කියන ඔස්ටින් ශී‍්‍ර ලංකාවට පැමිණි මුල් අවදියේ ජීවිකාව ගෙවාගත්තේ රාජ්‍ය නොවන සංවිධානයක රැකියාවක නිරත වෙමිණි.

පසුව කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවියේ ලේඛකයෙකු සේ සේවය කළ ඔහු එහි ප‍්‍රධානියා බවට පත්විය එම තණතුරත් සමග ඔහු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් හා මිතුරුවූ බව ප‍්‍රසිද්ධ රහසකි.පසුව එංගලන්ත ලේඛකයකු සමග එක්වී සංචාරක නඩ කළමනාකරන ආයතනයක් පිහිටුවා ගත්තේය.ඔහු මහා ධනතෙකු බවට පත්වූයේ පළමු ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සමගය.එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ ඒජන්තවරයා ලෙස කටයුතු කළ ඔහූ ඊට සම්බන්ධ වූ කී‍්‍රඩකයන්ට ලැබුණු මුදල්වලින් 10% කොමිස් මුදලක් ලබා ගනිමින් විශාල ධනයක් උපයා ගත්තේය.

ශී‍්‍ර ලංකාවේ උපන් මුස්ලිම් කාන්තාවක් සමග විවාහවී සිටින ඔස්ටින් ගාල්ලේ සංචාරක නිකේතනයක් ඉදිකරණ බව ද පැවසේ.රොෂාන් අබේසිංහ මුලින්ම කතාබහට ලක්වූයේ ඉංගී‍්‍රසි කි‍්‍රකට් විස්තර විචාරකයෙකු ලෙසය.පසුව ඔහු රාගම කි‍්‍රකට් සමාජය හා සම්බන්ධ කළමනාකරණ වැඩ කිහිපයක් කළ අතර, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට සම්බන්ධව ද අවස්ථා කිහිපයක් කටයුතු කළේය.රාගම කි‍්‍රකට් කී‍්‍රඩා සමාජයට කී‍්‍රඩකයන් බිලී බෑම හා ඔවුන් කෙසේ හෝ ශී‍්‍ර ලංකා කණ්ඩායමට රිංගවීම මොහුගේ ප‍්‍රධාන මෙහෙයුම බව ද පැවසේ.ලහිරු තිරිමාන්න ශී‍්‍ර ලංකා පිලට එක්වූයේ රොෂාන්ගේ බලපෑමක් මත බව ක්ෂේත‍්‍රයේ කතා බහට ලක්ව තිබේ.
 
Related Posts with Thumbnails