Ads 468x60px

.

ගුරුකම් කරන මුවාවෙන් කතුන් නිරුවත් කර වීඩියෝ කරලා

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන මුවාවෙන් කාන්තාවන් නිරුවත් කර ඡායාරූප හා වීඩියෝ ගත කොට අලෙවි කළ බව කියන පුද්ගලයකු පයාගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.බේරුවල ප්‍රදේශයේ විහාරස්ථානයක කුටියක් සාදා එහි සිට අංජනම් බලන මුවාවෙන් කාන්තාවන් රැවටීමට උත්සාහ ගත් අවස්ථාවේදී මේ පුද්ගලයා අත් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.වාර්තාවන අන්දමට සිදුවීම මෙසේය.

කලක් සංචාරක හෝටලයක කළමනාකාරවරයකු ලෙස සේවය කළ පුද්ගලයකු එහි සිදුවූ නීතිවිරෝධී කටයුතු පොලිස් ඇසට හසු වීම නිසා ඉන් පැන ගොස් ශාස්ත්‍ර කීමට පටන් ගෙන තිබේ.

ඒ අනුව තෝරාගන්නා කුඩා විහාරස්ථානයකට ගොස් එහි සිට අංජනම් බැලීම ඇතුළු ගුරුකම් කිරීමට ඔහු කටයුතු කළේය. අංජනම් බැලීම සඳහා පැමිණෙන කාන්තාවන්ට සිය ශරීරයේ “කිලි” ඇති බව පවසන මොහු එය ඉවත් කිරීම අවශ්‍ය බව පවසයි.

මසේ පැමිණෙන කාන්තාවන්ගෙන් සිය අවශ්‍යතාව ඉටු කර ගැනීමට සරිලන පරිදි උපක්‍රමශීලීව කටයුතු කරන මොහු වෙනත් දිනයකදී එම කාන්තාවන් වෙන් වෙන් වශයෙන් ගෙන්වා ගනී.
මෙසේ නැවත පැමිණෙන කාන්තාවට වෙනත් රෙද්දක් අන්දවා භ්‍රමණය වන උපකරණයක් මත හිඳවා කරකවනු ලබයි. ඉන් මත් වී වික්ෂිප්ත බවට පත් වන කාන්තාව නිරුවත් කොට සිය පහත් අවශ්‍යතා ඉටු කර ඡායාරූප හා වීඩියෝ ගත කර ඇත.

මෙලෙස ප්‍රදේශ කිහිපයක රැඳී සිටිමින් මේ පුද්ගලයා මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවද පොලිසිය ප්‍රකාශ කරයි. මොහු විසින් ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ කිහිපයක් ද පොලිසය සොයා ගෙන ඇත.
 
Related Posts with Thumbnails