Ads 468x60px

.

ඓශ්වර්යාගේ දරු ප්‍රසූතිය නොවැම්බර් 17 ලු දැනට ගැබ් ගැනීම වෙනුවෙන් - කෝටි 150ක්

පුංචි භච්චන් පිලිගන්න දැන් හැම දෙයක්ම ලෑස්තියි. ඒත් ඉතින් එයා එන්නේ එයාට  ඕනි වෙලාවට මිසක් අපිට  ඕන වෙලාවට නොවෙයිනේ. හැමෝම හිතුවේ 2011.11.11 ඓශ්චර්යා දරුවා බිහි කරයි කියලා. නමුත් ඒක එහෙම වුනේ නැහැ. ගිය ඉරිදා සවස තමයි අයිශ්ව රෝහල් ගත කළේ. ඇය වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ වී.වී.අයි.පී. කාමරයක්. ඒ මදිවට රෝහලේ ආරක්ෂාවත් වැඩි කරලා. අපිට ලැබුණු ආරංචියේ හැටියට නම් අයිශ්ගේ ගැබ් ගැනීම වෙනුවෙන් මේ වන වට කෝටි 150ක් වියදම් කරලා තියෙනවා.
ඉන්දීයාවෙන් ලැබෙන මාධ්‍ය වාර්තාවලට අනුව සුපිරි බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන්ගේ දරු ප්‍රසූතිය නොවැම්බර් 17වනදා සිදුවනු ඇති බවට සඳහන්ව ඇත.ඇය ව  පෙරේදා (14) උදෑසන ඉන්දියාවේ ‘සෙවන් හිල්ස්’ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් අමිතාබ් බච්චන් මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ, මේ දිනවල අයිශ්ගේ දරු ප්‍රසූතියේ බලාපොරොත්තුව සමඟින් තම පවුලේ අයට  උදාවන සෑම දිනයක් ම නැවුම්  බලාපොරොත්තු සමඟින් උදාවන දිනයන් බවයි.

‘සෙවන් හිල්ස්’ නම් වූ සුපිරි රෝහලේ සම්පූර්ණ මහලක් අයිශ් වෙනුවෙන් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති අතර එසේම එම මහලේ ඇති විශේෂ රෝහල් කාමරවල අයිශ්ගේ සමීප ඥාතීන්ද නතර වී ඇති බව අනාවරණය වී තිබේ.රෝහලේ එම මහළට යාම සඳහා විශේෂ අවසර පතක්නිකුත් කර ඇති අතර ඊට අමතරව එයට ඇතුළු වීමට අවසර ලැබී ඇත්තේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට පමණි.
 
Related Posts with Thumbnails